ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනයට එරෙහි මතභේදාත්මක උත්සාහයක්

Report

ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ විසින් ඉදිරිපත් කර පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් නව ක්‍රීඩා පනත් සංශෝධනයට පටහැනිව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ක්‍රිකට් බලධාරීන් විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙම උත්සාහයේ ප්‍රධාන අරමුණ වන්නේ විධායක සභාවට ඉහළින් කටයුතු කරන පූර්ණ බලැති උපදේශකයන් හත් දෙනකු පත් කිරීමයි.

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

"පිලර් වරුන්" ලෙස හඳුන්වන මෙම උපදේශකයන්, නව ක්‍රීඩා ව්‍යවස්ථාවට අනුව විධායක සභාවේ ඉහළ තනතුරුවලට පත්වීමට නොහැකි හිටපු නිලධාරීන් නැවත විධායක සභාවට ගෙන්වා ගැනීමේ උත්සාහයක් ලෙස හඳුනාගෙන තිබේ.

මෙම තීරණය ගනු ලබන්නේ, පසුගිය ක්‍රිකට් නිලවරණයේ ක්‍රියාපටිපාටිය වැරදි බවට හිටපු උප සභාපතිවරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවක් විභාග වෙමින් පවතින අතරවාරයක ය.

මෙවැනි තත්ත්වයක් යටතේ මෙවැනි තීරණයක් ගැනීම විශේෂ සිද්ධියක් ලෙස සැලකේ.

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි, ක්‍රිකට් බලධාරීන්ගේ මෙම අත්තනෝමතික ක්‍රියාකාරකම් පිළිබඳව ක්‍රීඩා ඇමතිවරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පුදුමයට කරුණක් බව සඳහන් වේ.

මෙම තත්ත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳ ප්‍රශ්න මතු කර ඇත.

"බරපතළ නැහැ වයස නිසා රුධිර පීඩනය ඉහළට" - වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ

"බරපතළ නැහැ වයස නිසා රුධිර පීඩනය ඉහළට" - වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ

අනිල් කියන විදිහට මහ බැංකුව ආයෙත් රටට කෙළවයි වගේ ඒ නිසා මෙහෙම කරමු, දයාසිරිගෙන් ලියුමක්

අනිල් කියන විදිහට මහ බැංකුව ආයෙත් රටට කෙළවයි වගේ ඒ නිසා මෙහෙම කරමු, දයාසිරිගෙන් ලියුමක්