යූටියුබ් සුදාට වැඩ වරදී - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂණට
යූටියුබ් නාලිකාවක් ඔස්සේ සුදත්ත තිලකසිරි නමැති පුද්ගලයකු විසින්, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීමට පැමිණි විට ඔහු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කරන බවට කල ප‍්‍රකාශය පිළිබද පොලිස් විමර්ෂණ ආරම්භ කර ඇත.
පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයක් මත මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වන අතර රනිල් වික්රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සිදු වූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් 2025 අගෝස්තු 22 වන දින එක්සත් ජාතික පක්ෂය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.