තැපෑලට සඳුදා ඉඳන් ඇඟිලි සලකුණු ඇමති නලින්දගෙන් ගහපු හින්ට් එකකුත්

Report

අඛණ්ඩව පැවැත් වූ තැපැල් සේවකයන්ගේ වර්ජනය අද දින (24)අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ආණ්ඩුව සමඟ ඔවුන් පැවති සාකච්ඡාව අවසන් වූ පසු මෙම තීරණය ගෙන ඇති බවට සඳහන් වේ. ඒ අනුව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේ ,ප්‍රධාන වශයෙන් තැපැල් සේවකයන් ඉල්ලූ ප්‍රධාන ඉල්ලීම් දෙකක් තිබුණු බවත් එම ඉල්ලීම් දෙක ගැන කිසිසේත් රජය සාකච්ඡා කිරීමට කැමති නැති බවත් දැන්වූ බවයි.

යූටියුබ් සුදාට වැඩ වරදී - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂණට

යූටියුබ් සුදාට වැඩ වරදී - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂණට

අවශ්‍ය නම් ඉතිරි ඉල්ලීම් 17 පිළිබඳව සාකච්ඡා කිරීමට රජය සූදානම් බව සැලකිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ.

ඒ වගේම වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ සඳුදා සිටයේ ඇඟිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක වන අතර තැපැල් සේවකයන් ඉල්ලූ ඉතිරි ඉල්ලීම් 17න් බොහෝ ප්‍රමාණයක් මේ වන විට ඉටු කර ඇති බවත් ඉතිරි ඉල්ලීම් පිළිබඳවත් ඔවුන් සලකා බලන බවයි.

ඒ වගේම තැපැල් සේවකයන්ගේ වර්ජනය අනිත් සියලුම දෙනාට පාඩමක් බවත් ඔහු අවසානය සඳහන් කළේය.

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්