ඕනිවට වඩා විවේචනය කළොත් රනිල්ට ඇප නෑ? - මාලිමා නීතිඥයන්

National Peoples Party Ranil Wickremesinghe Law and Order Latest Headlines gagana news
By Mithu Aug 24, 2025 11:59 AM GMT
Mithu

Mithu

Report

බොහෝ දෙනාගේ කතාබහට ලකුණු කරුණක් තමයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීමේ සිදුවීම. මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනා විවිධ මත පළ කරන අතර ඒ අනුව ජාතික ජන බලවේගය නීතිඥයන්ගේ සංවිධානය මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

ඒ අනුව ජාතික ජනබලවේගයේ නීතීඥයෝ සංවිධානය (මාලිමා නීතීඥවරුන්) අද (24) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් එල්ල වන විවේචන ගැන අනතුරු ඇඟවීය.

මොකක්ද මේ කතාව රනිල් අත්අඩංගුවට ගත්තේ ජවිපේ කාර්යාලයේ හිටිය පොලිස් නිලධාරියෙක් නිසාලු

මොකක්ද මේ කතාව රනිල් අත්අඩංගුවට ගත්තේ ජවිපේ කාර්යාලයේ හිටිය පොලිස් නිලධාරියෙක් නිසාලු

ජාතික ජන බලවේග නීතීඥ සංගමයේ, නීතීඥ උපුල් කුමාරප්පෙරුම අවධාරණය කළේ, එම නියෝගය පාර්ලිමේන්තුවෙන් පිටතදී පසුගාමී තත්ත්වයට පත්කරන ප්‍රකාශ සිදුකිරීම අධිකරණයට අපහාස කිරීමක් දක්වා වර්ධනය විය හැකි බවයි.

නීතීඥවරුන් පෙන්වා දුන්නේ, එවැනි ප්‍රකාශ මහජන කැළඹීමක් දක්වා වර්ධනය වුවහොත්, එය හිටපු ජනාධිපතිවරයාට ඇප නොලැබීමට පවා හේතුවක් විය හැකි බවයි.

තැපැල් වර්ජනය නිල වශයෙන් අවසන් - තැපැල් වෘත්තීය සමිති නිවේදනය කරයි

තැපැල් වර්ජනය නිල වශයෙන් අවසන් - තැපැල් වෘත්තීය සමිති නිවේදනය කරයි

වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය මාධ්‍ය හමු පැවැත්වීම අධිකරණයට සිදුකරන බලපෑමක් මෙන්ම අපහාස කිරීමක් බවත් විත්තිය විසින් උසාවියට ඉදිරිපත් කළ යුතු කරුණු ඔහු පැවසුවේය.

මේ බලපෑම සමාජ දේහයටම ඇතුළු වී අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ අවිශ්වාසයක් ඇති වන බව ද මෙම සිදුවීම දේශපාලන උවමනාවන් මත සිදුකරන බවට සමාජගත කිරීමට උත්සාහ කිරීම වැරදි බවත් එය ජනතාව අවබෝධ කරගත යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

බස් නැවතුම්පොලේ නාදුනන මළ සිරුරක්

බස් නැවතුම්පොලේ නාදුනන මළ සිරුරක්