“ලැජ්ජාශීලී පැන්ඩා දැන් දඟකාර පැන්ඩෙක් වෙලා” - ක්වින් බාඕගේ පස්වන උපන්දිනය සමරයි

Report

ඇමරිකාවේ වොෂිංටන් ඩී.සී. හි ස්මිත්සෝනියන් ජාතික සත්වෝද්‍යානයේ සිටින ජනප්‍රිය යෝධ පැන්ඩා ක්වින් බාඕ (Qing Bao) සිය 5 වැනි උපන්දිනය පසුගිය සෙනසුරාදා අපූරු ආකාරයෙන් සමරා තිබෙනවා.

ඇයගේ උපන්දිනය වෙනුවෙන් සත්වෝද්‍යානයට පැමිණි විශාල පිරිසක් ඇගේ සෙල්ලක්කාර හැසිරීම් නැරඹීමට එක්ව සිටි බවයි වාර්තා වන්නේ. වසර දෙකකට පමණ පෙර සත්වෝද්‍යානයට පැමිණි අවස්ථාවේදී තරමක් ලැජ්ජාශීලී හා නිහඬ ස්වභාවයකින් සිටි ක්වින් බාඕ මේ වන විට සිය සුපුරුදු ලැජ්ජාශීලී ස්වභාවයෙන් මිදී, නරඹන්නන්ට විනෝදය ලබාදෙන පැන්ඩා කෙනෙකු බවට පත්ව තිබෙනවා.

පැන්ඩාට විශේෂ උපන් දින කේක් එකක්

ක්වින් බාඕගේ උපන්දිනය වෙනුවෙන් ඇය කැමතිම පෙට්ටි සහ විනෝදජනක සැරසිලිවලින් ඇගේ වාසස්ථානය අලංකාර කර තිබුණා. එමෙන්ම 1970 දශකයේ මෝටර් රථයක හැඩයට සකස් කළ විශේෂ පැන්ඩා හිතකාමී පලතුරු කේක් එකක්ද ඇය වෙනුවෙන් සූදානම් කර තිබෙනවා.

එය සකස් කර තිබුණේ ශීත කළ මිදි, ප්ලම්, ඇපල් සහ කැරට් යුෂ යොදාගෙනයි. කේක් එක ලැබුණු පසු ක්වින් බාඕ මුලින්ම එයින් කොටස් කිහිපයක් රස බැලූ අතර, පසුව පෙට්ටි කිහිපයක් ඉරා දමා තිබෙනවා.

ඉන් අනතුරුව රතු පැහැති බෝලයක් සමඟ සෙල්ලම් කිරීමට බිම දිගා වූ ඇය, යළි නැගිට තම උපන් දින කේක් එක රස විඳීමට ගොස් තිබෙනවා.

“හදවතින්ම ස්තූතියි අයියේ” - ලෝක ශූර රුමේෂ් තරංගගෙන් සමාජ මාධ්‍යයේ සංවේදී සටහනක්

“හදවතින්ම ස්තූතියි අයියේ” - ලෝක ශූර රුමේෂ් තරංගගෙන් සමාජ මාධ්‍යයේ සංවේදී සටහනක්

ක්වින් බාඕ සහ ‘බාඕ ලී’ නිරෝගීව

ස්මිත්සෝනියන් ජාතික සත්වෝද්‍යානයේ යෝධ පැන්ඩා අංශයේ සහකාර භාරකරු ලෝරි තොම්සන් පවසන්නේ ක්වින් බාඕ සහ ඇය සමඟ පැමිණි පිරිමි පැන්ඩා බාඕ ලී (Bao Li) දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

සත්වෝද්‍යානය සෑම මාසයකම පැන්ඩා දෙදෙනාගේ බර, ආහාර රටාව සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් චීනයේ විශේෂඥයන් වෙත යොමු කරනවා. එම වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව චීන විශේෂඥයන් අවශ්‍ය උපදෙස් හෝ නිර්දේශ ලබාදෙන බව සඳහන්.

ක්වින් බාඕ තවත් වසරක් හෝ දෙකක් ඇතුළත ප්‍රජනනය සඳහා සුදුසු වයසට පැමිණි පසු, එම ක්‍රියාවලියට සහාය වීම සඳහා චීන විශේෂඥයෙකු වොෂිංටනයට පැමිණීමට ඉඩ ඇති බවද ලෝරි තොම්සන් සඳහන් කර තිබෙනවා.

චීන සංස්කෘතික උළෙලකුත් පැවැත්වෙයි

ක්වින් බාඕගේ උපන්දිනයට සමගාමීව ඇමරිකාවේ චීන තානාපති කාර්යාලය විසින්ද සත්වෝද්‍යානයේ පැන්ඩා තේමා කරගත් සංස්කෘතික වැඩසටහනක් සංවිධානය කර තිබුණා.

එහිදී මුහුණු චිත්‍ර ඇඳීම, චීන අක්ෂර කලාව, දිය සායම් චිත්‍ර ඇඳීම සහ ත්‍යාග සහිත පැන්ඩා පිළිබඳ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් පැවැත්වුණා. ඒ සඳහාද විශාල පිරිසක් එක්ව තිබෙනවා.

යෝධ පැන්ඩා සමඟ වසර 30කට වැඩි කාලයක් කටයුතු කර ඇති ලෝරි තොම්සන් පවසන්නේ පැන්ඩා සතුන් චීනය සහ ඇමරිකාව අතර සබඳතා ශක්තිමත් කරන පාලමක් බවට පත්ව ඇති බවයි. “එය ඉතා විශිෂ්ට වැඩසටහනක්.

එක් රටකට පමණක් නොව, රටවල් එක්ව සත්ව විශේෂයක් ආරක්ෂා කර ගැනීම සඳහා කරන සැබෑ සාමූහික උත්සාහයකට මෙය අපූරු උදාහරණයක්,” යනුවෙන් ඇය සඳහන් කර තිබෙනවා.

කොළඹ සරසවියෙන් නොමැකෙන වාර්තාවක්- උපාධි ප්‍රදානයේදී රන් පදක්කම් 16ක් දිනූ වෛද්‍ය හසිනි රංගිකා

කොළඹ සරසවියෙන් නොමැකෙන වාර්තාවක්- උපාධි ප්‍රදානයේදී රන් පදක්කම් 16ක් දිනූ වෛද්‍ය හසිනි රංගිකා