තේ කර්මාන්තයේ විශාල පෙරළියක් – ආණ්ඩුව ක්‍රියාත්මක කළ නව වෙනස මෙන්න
කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ දීර්ඝ කාලයක් පුරා පැවති පුරප්පාඩු පිරවීමේ වැදගත් පියවරක් ලෙස තේ පරීක්ෂක සහ ව්‍යාප්ති නිලධාරීන් 25 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීම අද (25) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
මෙම බඳවා ගැනීම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සෘජු මඟපෙන්වීම යටතේ සිදුකළ වසර 7කට පමණ පසු කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් එකවර සම්පූර්ණ කළ ප්‍රථම අවස්ථාව වේ.
නවක නිලධාරීන් ගාල්ල, මාතර, රත්නපුර, මහනුවර, නුවරඑළිය, ඌව සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රාදේශීය කාර්යාල වෙත අනුයුක්ත කරමින් කුඩා තේ වතු සංවර්ධන සේවා තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ.
පත්වීම් ප්‍රදානෝත්සවය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම නව නිලධාරීන්ගේ එක්වීම මෙරට තේ කර්මාන්තයේ ඉදිරි සංවර්ධනයට විශාල ශක්තියක් වන බවයි. බඳවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විනිවිදභාවයෙන් හා සාධාරණ ලෙස සිදු කළ බවත් එම වටිනාකම් ආරක්ෂා කරමින් මහජන සේවයට කැපවී කටයුතු කරන ලෙසත් නවක නිලධාරීන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
රාජ්‍ය සේවය යනු ජනතාවට සේවය කිරීම සඳහා වූ වගකීම් සහිත ක්ෂේත්‍රයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, කාර්යාලවලට පමණක් සීමා නොවී ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලු හඳුනාගෙන විසඳුම් ලබාදෙන ක්‍රියාශීලී නිලධාරී පිරිසක් රටට අවශ්‍ය බවද පැවසීය.
මෙම බඳවා ගැනීම් ක්‍රියාවලිය කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සම්මුඛ පරීක්ෂණවලදී ඉහළම ලකුණු ලබාගත් සුදුසුකම්ලත් අපේක්ෂකයින් 25 දෙනෙකු තෝරාගනිමින් සිදුකර ඇත.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.