ජනපති නියමයෙන් බඩඉරිඟු ආනයනයට සැරසෙයි. - හේතුව මෙන්න.
By Wayomi
බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, විවෘත වෙළෙඳපොළේ ප්‍රමාණවත් බඩඉරිඟු තොග නොමැති වීම හේතුවෙන්.

එම හේතුවෙන් කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යවල හිඟයක් ද මතුව තිබෙනවා.
මෙම බඩඉරිඟු ආනයනය කිරීමට කටයුතු යොදා ඇත්තේ, සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ලියාපදිංචි විදේශ සැපයුම්කරුවන් වෙතින් වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණා.