සුදු ජාතික තරුණියක් වෙනුවෙන් හිටපු ජනපති පෙරට එයි.(PHOTOS)

Srilanka Freedom Party Maithripala Sirisena Sri Lanka
By Aruna Aug 14, 2022 01:06 AM GMT
Aruna

Aruna

Report

ගාලුමුවදොර අරගලයට සහයෝගය දැක්වූ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh Fraser) නමැති තරුණියගේ වීසා බලපත්‍රය(MED/002918 අංක දරණ) අවලංගු කිරිමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මේ පිළිබඳව ඇයගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ හා තරුණ පෙරමුණ ඉදිරිපත් වී සිටී.

ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්චා කිරීමට හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් එම බ්‍රිතාන්‍ය තරුණිය හා කාන්තා හා තරුණ සංවිධාන ප්‍රධානීන් අතර සිදුවිය.

ඒ අනුව පාර්ලිමේන්තුව තුලත් දේශපාලන හා සමාජ ව්‍යාපාර තුලත් ඇයගේ අයිතීන් වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් තීරණය කරන ලදි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery