හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්දට වුණ දෙයක්.. විදෙස්ගත වෙන්න කාලයකුත් දීලා..

Mahindananda Aluthgamage Sri Lanka Politician Lanka Sathosa Latest Headlines Decision Making
By krishani Dec 03, 2024 01:39 AM GMT
krishani

krishani

Report

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් ඊයේ (02) යළි විභාගයට ගැණින.

ඒ ප්‍රදීප් හෙට්ටිආරච්චි ප්‍රදීප් අබේරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දී ය.

මෙම නඩුව අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව  ගොනු කර ඇත්තේ 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය මගින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි 14,000 ක් බැගින් ආනයනය කොට ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 5 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ය.

හොඳටම දන්න.. මාධ්‍යවේදීයෙක්ට අවුරුදු 07ක සිර දඬුවම් නියම වෙයි..කකා ඉන්නකොටමයි අත්අඩංගුවට අරන් තියෙන්නෙත්..(PHOTOS)

හොඳටම දන්න.. මාධ්‍යවේදීයෙක්ට අවුරුදු 07ක සිර දඬුවම් නියම වෙයි..කකා ඉන්නකොටමයි අත්අඩංගුවට අරන් තියෙන්නෙත්..(PHOTOS)

එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් ඉදිරිපත් කළේ ය.

එහිදි ඔහු පැවසුවේ මෙම නඩුවට පාදක වන කැරම්බෝඩ් හා දාම් ලෑලි 14,000 බැගින් ආනයනය කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් තමන්ට අල්ලස් කොමිසම විසින් චෝදනා හතරක් එල්ල කර ඇති බවය.

මෙම කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කිරීම ස.තො.ස ආයතනය හරහා සිදුවී ඇතැයි සඳහන් කළ හිටපු අමාත්‍යවරයා එම ක්‍රීඩා භාණ්ඩ තොගය ක්‍රීඩා අමාත්‍යංශයේ ගබඩාවලට ලැබී නොමැති බවත් පැවසීය.

ඒ අනුව අදාළ ක්‍රීඩා භාණ්ඩ ආනයනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් තමන්ට එල්ල කර ඇති චෝදනා පදනම් විරහිත බවත් එම භාණ්ඩ ආනයනය කිරීම සිදුව ඇත්තේ ස.තො.ස සහ ආයතනය හරහා බවත් ඔහු අධිකරණය හමුවේ සඳහන් කළේ ය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් තම පක්ෂය පරාජයට පත් වූ බවත් ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය ගොඩනැගීම සඳහා තමන් මුල් වී කටයුතු කළ බවත් ඔහු අධිකරණය හමුවේ පැවසුවේය.

දෙසැම්බර් ලබලා.. දවසකුත් ගියා.. දෙවෙනි දවසෙම ඩොලරයට වුණ දෙය මෙන්න..(PHOTO)

දෙසැම්බර් ලබලා.. දවසකුත් ගියා.. දෙවෙනි දවසෙම ඩොලරයට වුණ දෙය මෙන්න..(PHOTO)

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම් රට පුරා පැවැත්වීමට තමන් දායකත්වය ලබා දුන් බැවින් දේශපාලන පළිගැනීමක් වශයෙන් තමන්ට එරෙහිව නඩු හතක් ගොනු කළ බවත් ඉන් නඩු කිහිපයකින්ම තමන් නිදොස් කොට නිදහස් කෙරුණු බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ය.

එමෙන්ම, අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙන්නේ තමන්ව දේශපාලන වශයෙන් පළිගැනීමකට ලක් කිරීමට යැයි සඳහන් කළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම චෝදනාවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද පැවසුවේය.

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය දෙසැම්බර් මස 19 වනදා දක්වා කල් තැබීමට අධිකරණය පියවර ගත්තේය.

මෙහිදී විත්තියේ නීතිඥවරයා විසින් හිටපු අමාත්‍යවරයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගතවීමට අවසර ඉල්ලා සිටියේ ය.

කෙසේ වෙතත්, එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල දෙසැම්බර් මස 12 වැනිදා සිට 18 වැනිදා දක්වා කාල සීමාව තුළ හිටපු අමාත්‍යවරයාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස් ගතවීමට අවසර ලබා දුන්නේ ය.

You May Like This Video👇 

.

ReeCha