''අපේ රටේ සිංහ පැටියව තමා ඇතුළට දැම්මේ '' දේශපාලන පෙරළිය උණුසුම් කරමින් ඇතුළට ගිය නාමල් වෙනුවෙන් පාක්ෂිකයන් හඩ නගයි
දේශපාලන පෙරළිය උණුසුම් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ නියෝග කළේය.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා සහ සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියකදී අමෙරිකානු ඩොලර් ලක්ෂ 08ක අල්ලස් මුදලක් ලබාගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත
අදාළ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා ඊයේ දින එම කොමිෂන් සභාව වෙත පැමිණියේය.
එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
ඒ අනුව පාක්ෂිකයින් රැසක් උරණ වී මාධ්‍ය වෙත අදහස් පළ කර තිබේ
ඔවුන් මේ පිළිබද සදහන් කළේ මෙවැන්නකි
යුද්ධ ඉවර කරන්න ඕනෙ කියලා අරගලයක් කරාද ? 88 ගිනි තියන කොට , දළදා මාලිගාවට බෝම්බ ගහද්දී ,ශ්‍රී මහ බෝධියට බෝම්බ ගැහුවා ජෙප්පෝ පැමිණිළි කලාද? උදේ ඉදන් මතක් වෙන්නේ නාමල් එසේ මෙසේ පුතෙක් නෙමේ ඇතුළට දැම්මේ අපේරටේ සිංහ පැටියව තමා ඇතුළට දැම්මේ කෝ ගල් අගුරු හොරු ඇල්ලුවද ?
ඒවට මොකද වුනේ අද වනවිට ඒවා එළියට ගන්නේ නෑ . වත්කම් බැරකම් එළියට දාන්න ආපු අයම ඒවා හංගනවා.
කෝ අර අඩුකරනවා කියපු පෙට්‍රල් කොමිසන්.
මහපාරේ මිනිස්සු කන්න බොන්න නෑ මැරෙනවා ඒවා පේන්නේ නෑ පොරොන්දු එකක්වත් ඉටු කරන්නේ නැතුව ඒ වෙනුවට රාජපක්ෂ පවුලෙ කාව හරි ඇතුළට දාන එක තමා එකම සැනසීම ''