රටට ඇත්තටම මොකද වුණේ..? මුදල් ලේකම් හෙළිකරයි..

Report

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින්, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සදහන් කළේ, වැරදි තොරතුරුදී රටේ ආර්ථික අර්බුදය ඇති කළ ඇතැම් පිරිස් ඇත්ත හෙළිකිරීමේදී නිලධාරීන් විවේචනය කිරීම අසාධාරණ බවයි.

මෙරට වෙළෙඳ මූල්‍යකරණයට ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් හඳුන්වාදීම සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා කාර්යාලය සංවිධානය කළ උත්සවයක් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

අනතුරුව ලේකම්වරායා මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදුනි.

"රට වැටුනේ මේ තොරුතුර නියමාකාරයෙන් හිටපු ජනපතිට කියපු නැති නිසා. කිව්වා නම් මම හිතනවා.. මේ රට මේ තත්ත්වයට වැටෙන්නේ නෑ කියලා. නියමිත කාලයේදී දත්ත භාවිත කරලා නිවැරදි තීරණ ගත්තා නම් අද අපිට මෙවැනි අර්බුදයක් නැහැ."