මහින්ද ගේ පාර්ලිමේන්තු පුටුව කාට ද?

By Sewvandhi Nov 25, 2021 09:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් මහින්ද සමරසිංහ මහතාගෙන් පුරප්පාඩු වු කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීධූරය සඳහා ඊළඟට පත්වන්නේ කවුද යන්න පිළිබඳව කතිකාවතක් ඇති වී තිබේ.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ, කළුතර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ 9 වෙනියා ලෙස සිටින මංජු ලලිත් වර්ණකුමාර මහතා ඒ සඳහා නම් කෙරෙනු ඇති බවය.

2020 මහමැතිවරණ‍යේ කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව ලලිත් වර්ණකුමාර මහතා මනාප ඡන්ද 46,361ක් හිමිකර ගත්තේය. බුලත්සිංහල ආසනයේ පොදුජන පෙරමුණේ, ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන ඒ මහතා "දයාබර මංජු" යන නාමයෙන් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටී. ඔහු හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ආදි ශිෂ්‍යයෙක් බව ද වාර්තා වේ.

----------------------------------------

YOU MAY LIKE THIS VIDEO

හිටපු ජනපති මෛත්‍රීගෙන් සැර ප්‍රකාශයක්-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha