අගමැති ගේ ජන්ම දිනය වෙනුවෙන් කිරි අම්මාවරු කරපු දේ මෙන්න.(PHOTOS)

Mahinda Rajapakshe
By Aruna Nov 18, 2021 07:31 AM GMT
Aruna

Aruna

Report

මගේ ජන්ම දිනය වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ වාර්ෂිකව පැවැත්වෙන කිරි අම්මාවරුන්ගේ දානය අද (18) දින පෙරවරුවේ එම විහාරස්ථානයේ දී පැවැත්විණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ උපදෙස් හා අනුශාසනා පරිදි මෙම දානමය පිංකම සංවිධානය කර තිබිණි.

වාර්ෂිකව පවත්වන්නට යෙදෙන මෙම කිරි අම්මාවරුන්ගේ දානය මෙවර පැවැත්වූයේ 19 වැනි වතාවටය.

එහිදී ආගමික වතාවත්වල නිරත වී මහා සංඝරත්නයේ ජය පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ පළමුව ආශීර්වාද ලබා ගත්තෙමි.

අනතුරුව ඉන්දු පෙරේරා මෑණියන් ඇතුළු කිරි අම්මාවරුන් උදෙසා කිරි අම්මා දානය පූජා කිරීම සඳහා එකතු වුණෙමි.

කිරි අම්මාවරුන්ගේ දානයෙන් පසු ගැබිනි මවුවරුන් සිය දෙනෙකු සඳහා වියළි ආහාර මලු ප්‍රදානය කිරීම ද සිදුවිය.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මෙහි දී අනුශාසනාවක් පැවැත්වූහ.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාට තිබෙන්නේ මේ මව්බිමට ආදරය කරන මේ මව්බිමේ උපන් ගිහි පැවදි සියලු දෙනාගේම එකම ප්‍රාර්ථනාව අභිමතාර්ථය හා කැමැත්තයි.

මේ රටේ තිස් අවුරුදු යුධ සාපයෙන් මුදාගැනීම සඳහා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා ගත්ත නායකත්වය, ඒ දුන්න එඩිතර ජවය ශක්තිය රට එක්සේසත් කරන්න සමත් වුණා.

මේ රටට සුවිශේෂිත පිනක්, භාග්‍යක් තියෙනවා බුදුරජාණන්වහන්සේගේ පා පහසින් තෙවරක් පූජනීයත්වයට පත්වෙන්න. ලංකා ඉතිහාසයේ රට විපතට පත්වෙච්ච අවස්ථා ගණනාවක් පසුකරගෙන පැමිණ තියෙනවා.

උපසම්පදා භික්ෂුවක් සොයාගන්න බැරි කාලවකවානු තිබුණා. වර්තමානයේ තවමත් බලාපොරොත්තුවක් තියෙනවා මේ රට සෞභාග්‍යමත් තැනකට අරගෙන යන්න හැකියාව ශක්තිය තියෙනවා කියලා.

ඒ සඳහා අග්‍රාමාත්‍යතුමාට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න තමයි මේ විශේෂිත ආශිර්වාද පූජාව සෑම වර්ෂයකම පවත්වන්නෙ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාගේ ජීවන ගමනේ හෙවනැල්ලක් වගේ හිටියා.

බලයේ සිටින කාලයෙත් නැති කාලෙත් අදත් හෙටත් මතුවටත් අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් මේ කාර්යය කරන්න ආනන්ද නාහිමියෝ ශක්ති සම්පන්නයි.

මෙම ආශිර්වාද පූජාව මේ රටට ආදරය කරන මේ මහ පොළවට ඇලුම් කරන සියලු දෙනා වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමාට කරන පූජාවක් බව සිහිපත් කරනවා.

මේ ලැබුවා වූ ජන්ම දිනය වාසනාවන්ත සැපවන්ත ඡන්ම දිනයක් වගේම අදින් ලබන්නා වූ ඉදිරි වසර මේ ගෙවී ගිය හැම වසරකටම වඩා ඵලදායී වර්ෂයක් වේවා! යැයි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මෙහි දී ආශීර්වාද එක් කළහ.

මම මෙහි දී කූඩු කර සිටි පක්ෂීන් කිහිප දෙනෙක් ද නිදහස් කළෙමි.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය, මගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, අමාත්‍යවරු වන ගාමිණී ලොකුගේ, නිමල් සිරිපාල ද සිල්වා, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි හෝ ති තන් ටෘක් සහ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha