2024 ලබද්දිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොහෙද දන්නව ද හිටියේ?. විශේෂ සටහනකුත් තබා කියු කතාව.. (PHOTOS)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද ලබා ගැනීම සදහා කතරගමට පැමිණ තිබෙනවා.
ඒ අලුත් අවුරුදු උදාව වන විටයි.
හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනයක් ද තැබීය.
එනම්,
උපුටා ගැනීම.
"උදා වූ 2024 නව වසරට සෙත් පැතීම සඳහා සංවිධානය කළ කතරගම කිරිවෙහෙර ආලෝක පූජාව විවෘත කිරීමට එකතු වුණෙමි. කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම ආලෝක පූජාව ඇතුළු පිංකම් මාලාව සංවිධානය කොට තිබිණි.
එසේම අෂ්ඨඵල බෝධීන් වහන්සේ සහ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය ද වැඳපුදා ගතිමි.
රුහුණු කතරගම මහා දේවාලයට ගොස් ආශීර්වාද පූජාව සඳහා ද සහභාගී වුණෙමි.
ඔබ සැමට නිදුක් නීරෝගී සුව සපිරි ශුභ නව වසරක් වේවා!
උපුටා ගැනීම අවසන්.












