ප්‍රවාහණයට දැඩි භාධාවක්..හේතුව මෙන්න

politics Sri lanka mahinda rajapaksha gotabhaya rajapaksha
By Sithumi Nov 09, 2021 10:48 AM GMT
Sithumi

Sithumi

Report

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති අතර එහි වැඩිම බලපෑම උඩරට දුම්රිය මාර්ගයෙන් වාර්තා වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

 කොටුව - බදුල්ල ප්‍රධාන මාර්ගයේ රඹුක්කන හා කඩිගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකක් මේ වන විට නායයෑමට ලක්ව තිබේ. එමෙන්ම කඩිගමුව දුම්රිය ස්ථානයේ කොටසක් ද නායයෑමට ලක්ව ඇත. 

එමෙන්ම ඉහළ කෝට්ටේ හා බලන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ කොටස් කිහිපයක් නායයෑමට ලක්ව ඇතැයි වාර්තා වේ. විශාල පස්කඳු හා කළුගල් දුම්රිය මාර්ගය වෙත කඩා වැටීම හේතුවෙන් ද දුම්රිය මාර්ගයට හානි සිදුව ඇති අතර, පස් හා ගල් ඉවත් කරමින් මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ වන විට දුෂ්කරතා මධ්‍යයේ සිදුකරමින් පවතින බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ඇතැම් ස්ථාන යථාතත්ත්වයට පත්කිරීමට දින ගණනාවක් ගතවෙනු ඇතැයි ද සඳහන් කර සිටි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා පමණක් සිදුකිරීමට කටයුතු කර ඇති බව ද නිවේදනය කළේය. 

දැඳුරුඔය පිටාර ගැලීම හේතුවෙන් මඳුරන්කුලිය උප දුම්රිය ස්ථානය අසල මාර්ගයේ හා බංගදෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ගයේ සම්පූර්ණයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් එම ජලය බැසයන තුරු පුත්තලම් මාර්ගයේ ද දුම්රිය ධාවන කටයුතු කොළඹ කොටුව සිට හලාවත දක්වා පමණක් සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.  

ReeCha