ජනතාවගෙන් අය කරන එක රුපියලක්වත් අපතේ යවන්නේ නැහැ - ඇමති සුනිල් හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක් [VIDEO]

Report

ජනතාවගෙන් බදු ලෙස අය කරන සෑම රුපියලක්ම රටේ අවශ්‍යතා වෙනුවෙන් යොදවන බවත්, එම මුදල් කිසිදු ආකාරයකින් නාස්ති කිරීමට හෝ වංචා කිරීමට ඉඩ නොතබන බවත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

බදු බර ඉහළ මට්ටමක පැවතියද, ජනතාවගෙන් අය කරන බදු මුදල් නිසි ලෙස කළමනාකරණය කිරීම රජයේ වගකීමක් බව ඔහු පෙන්වා දෙයි.

මේ දිනවල රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ප්‍රමාණවත් නොවන බවට සංවාදයක් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා, වෙනත් කිසිදු රජයක් ලබාදුන් වැටුප් වැඩිවීම්වලට වඩා වැඩි වැටුප් වැඩිවීමක් වත්මන් රජය ලබාදී ඇති බවද ප්‍රකාශ කළේය.

"බදු වැඩියි. හැබැයි මට අනිත් පැත්තට කියන්න පුළුවන් එක බදු මුදලක් අපතේ යන්නේ නැහැ. ඔබෙන් අපි අය කරගන්න එක රුපියලක් නාස්ති වෙන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ. දැන් මේ දවස්වල ලොකු සාකච්ඡාවක් තියෙනවනේ මේ රජයේ සේවකයින්ට පඩි වැඩි කරා මදි කියලා." "ඒක ඇත්තටම මෙහෙම නෙමෙයි, වෙන කිසිදු ආණ්ඩුවකට වඩා වැටුප් වැඩි කරලා තියෙනවා. මේ තියෙන්නේ වැටුප් වැඩි කරපු තරම මදි කියන ප්‍රශ්නයක් ඒකයි මේ තියෙන්නේ. නැතුව දැන් අපි වැටුප් වැඩි කරාන්න. ඉල්ලීම් කරනකොට වෙනදා නම් වැඩියෙන්ම මුලින්ම වැටුප් වැඩි කරගන්නේ ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. එතකොට අපි මේ ආණ්ඩුවේ අපි වැටුප් නොලබා එහෙම නැත්නම් වැටුප් වැඩි කර ගැනීමක් ගැන කිසිම සාකච්ඡාවක් නැතුව අපි වැඩ කරනවා"

 
රතු නිවේදන ලැබූ අපරාධකරුවන් 43ක් සැඟවී සිටින රටවල් හෙළිවෙයි - ඇමති ආනන්ද විජේපාලගෙන් හෙලිදරවිවක්

රතු නිවේදන ලැබූ අපරාධකරුවන් 43ක් සැඟවී සිටින රටවල් හෙළිවෙයි - ඇමති ආනන්ද විජේපාලගෙන් හෙලිදරවිවක්

"තාම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ටවත්, විපක්ෂ මන්ත්‍රීවරුන්ටවත් වාහන පර්මිට් නැහැ, වාහන නැහැ . අපි ගේන්න අදහසකුත්, පර්මිට් විකුණගෙන කන අදහසකුත් නැහැ. මොකද අපි තාම ඉන්නේ සංක්‍රමණීය තත්ත්වයක . මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ පරිවර්තනීය අයවැයක් ." "මොකක්ද පරිවර්තනය කියන්නේ? අපි රටක් හැටියට කඩා වැටිලා, ණය ගෙවාගන්න බැරුව, අපි දුප්පත් වෙලා, ලෝකේ පිළිගැනීම නැතිවෙලා අපහසුතාවයට පත් වෙච්ච රටක් . ඉතින් අපි යළි නැගිටින රටක්. අපි සම්පූර්ණ ආර්ථිකය ශක්තිමත් වෙලා, පොහොසත් වෙලා, අපි දියුණු වෙච්ච රටක් නෙමෙයි තාම . නමුත් දැන් තමයි අපි ලෝකයේ විවිධ නිර්ණායක වලින් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ, ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වෙලා තියෙන්නේ ." "ඉතින් ඒ පරිවර්තනීය තත්ත්වය තුළ මැති ඇමතිවරු හැටියට එහෙම නැත්නම් ප්‍රතිපත්ති සම්පාදකයෝ හැටියට අපිට විතරක් නෙමෙයි, මුළු මහත් සමාජයටම, ජනතාවටම, අපි කාටත් තියෙන ලොකු වගකීමක් සියල්ල ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් යොදවලා..''     

පොලිසියට විදුලි යතුරුපැදි 65,000ක් සහ විදුලි මෝටර් රථ 400ක් - ඇමති ආනන්ද විජේපාල කළ අලුත්ම හෙළිදරව්ව මෙන්න

පොලිසියට විදුලි යතුරුපැදි 65,000ක් සහ විදුලි මෝටර් රථ 400ක් - ඇමති ආනන්ද විජේපාල කළ අලුත්ම හෙළිදරව්ව මෙන්න

[