කිරි හරක් හොරුන්ට නෑ ඉඩක් - හොරකම් කළොත් ප්‍රසිද්ධියේ වෙන්නේ මේ දෙයයි..

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By krishani May 15, 2023 07:11 AM GMT
krishani

krishani

Report

දිවයිනේ විවිධ ප්‍රදේශවල කිරි ගවයින් සොරකම් කිරිම පිළිබඳව තොරතුරු වාර්තා වේ.

එම හේතුවෙන් සොරුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් මේ වන විට කිරි ගව‍යින් සොරකම් කිරිම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යමින් පවතියි.

ඒ හේතුවෙන් අමාත්‍යවරයා විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වේ.

එමෙන්ම ගොවි සංවිධානවල නියෝජිතයින් ද කිරි ගව සොරකම් ඉහළ යාම පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.

දිනකට කිරි ලීටර් 20ක් පමණ ලබාගත හැකි කිරි දෙනුන් එක් දිස්ත්‍රික්කයකින් සතියකට 35ක් පමණ සොරකම් කරන බවට ගොවි නියෝජිතයින් අමාත්‍යංශය වෙත පැමිණිලි කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join