ස්ථාන හයක්ම වෙනස් වෙයි..ශ්‍රේණිගත කිරීම් වලදී තීක්ෂණට සිදුවූ දේ..
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින පන්දු යවන්නන් අතර, ස්ථාන 06ක් ඉදිරියට පැමිණීමට මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.
නවසීලන්තය සමග පසුගිය දා අවසන් වූ එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්, ඔහු එම ශ්‍රේණිගත කිරීම්වල 12 වන ස්ථානයේ සිට 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
එමෙන්ම, මහීෂ් තීක්ෂණ පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන් අතර පස්වන ස්ථානයේ පසුවන අතර, වනිදු හසරංග එහි 2 වන ස්ථානයේ රැදී සිටිනවා.
එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් වනිදු හසරංගට, ඔස්ට්‍රේලියාවේ මාකස් ස්ටෝනිස් සමග පන්දු වාර 20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි හිමිව ඇත්තේ 04 වන ස්ථානයයි.