මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට හදිසි නිවේදනයක් - ඉදිරි පැය 24 ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
පවතින වර්ෂාපතනය සහ මහවැලි ගඟේ ජල මට්ටම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර, ගඟ ආශ්‍රිත පහත්බිම්වල පදිංචිකරුවන් සහ ගොවි ජනතාව විශේෂයෙන් අවධානයෙන් පසුවන ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශ වලට ඉදිරියේදී තවත් වර්ෂාපතනය ලැබිය හැකි බවට වන පුරෝකථන හා කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවර කර ඇති බැවින් මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටි නුවර, දොලුව, ගඟ ඉහළ කෝරළය, ගඟවට කෝරළය සහ හාරිස්පත්තුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ වලට විශේෂයෙන් මෙම දැනුම්වත් කිරීමේ සිදුකර තිබේ.
මේ පිළිබද අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමණා කරන අංශ වලටද දැනුම්දී ඇති බව සඳහන්වේ.
ඉදිරියේදී තවදුරටත් වැසි ලැබීම අපේක්ෂා කරන බැවින් මේ පිළිබඳවා ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි .