මහ කන්නයේ පොහොර සහනාධාරය ගැන සුබ පණිවිඩයක් මෙන්න
ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා ප්‍රකාශ කරන්නේ මහ කන්නයේ පොහොර සහනාධාර වැඩසටහන පසුගිය 31වැනිදා ආරම්භ කළ බවත් ඒ යටතේ එක් වී වගාකරුවෙකුට රුපියල් 25,000ක මූල්‍ය සහනාධාරයක් ලබා දීම සිදු කරන බවයි.
මෙම සහනාධාරය වාරික දෙකක් වශයෙන් ලබා දීම සදහා කටයුතු කරන බව ඔහු තව දුරටත් සදහන් කර ඇත.
ඒ වගේම කන්න රැස්වීම පවත්වා ගොවීන්ගේ නාම ලේඛනය පිළියෙළ කර ගොවිජන සේවා මධ්‍යස්ථානයට වාර්තා කළ වහාම පළවෙනි වාරිකය වශයෙන් රුපියල් 15,000ක මුදලක් ලබා දෙන බවද එතුමා සදහන් කර තිබේ.
තවද එතුමා ප්‍රකාශ කළේ දෙවන වාරිකය වශයෙන් ඇති ඉතිරි රුපියල් 10,000ක මුදල භූමියේ වී වගාව ආරම්භ කළ බව තහවුරු කළ විට ලබා දෙන බවයි .
ගෝවීන් ලක්ෂ 14කට පමණ එනම් කුඹුරු ඉඩම් හෙක්ටයාර ලක්ෂ 8කට පමණ මෙම සහනාධාර වැඩසටහන යටතේ ආධාර ලබා දීමට බලාපොරොත්තුව වන වග ධම්මික මහතා අවධාරණය කර ඇත.
ඒ වගේම එතුමා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රජය විසින් මේ සඳහා රුපියල් මිලියන 20,000ක මුදලක් වෙන් කර ඇති බවයි.