ලබන 18 වනදා සුවිශේෂී දවසක්- මේ පුද්ගලයන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්
එළඹෙන මහකන්නයේ වගා කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් අදාළ සියලු අංශ සමඟ ලබන සැප්තැම්බර් 08 වනදා විශේෂ සාකච්ඡාවක් පවත්වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
එම සාකච්ඡාවේදී එළඹෙන තීන්දු තීරණ මත පදනම්ව, ලබන 18 වනදා සියලු අදාළ පාර්ශ්වවල සහභාගීත්වයෙන් මහකන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සහ දින වකවානු සම්බන්ධ අවසන් තීරණය ගැනීමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් පැහැදිලි කළේය.
සාමාන්‍යයෙන් මීට පෙර වසරවලදී වාරිමාර්ග අංශය සහ කෘෂිකර්ම අංශය පමණක් එකතුව සාකච්ඡා කර මහකන්නයේ වගා සැලසුම් සකස් කරගනු ලැබීය.
කෙසේ වෙතත්, මෙවර මෙරටට බලපා ඇති එල්-නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ වර්ෂාපතන රටාවේ සිදුවිය හැකි වෙනස්කම් සලකා බලමින්, මෙවර සාකච්ඡා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සෘජුවම සහභාගී කරවා ගැනීමට පියවර ගෙන ඇති බව ඩී.පී. වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.