වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාව ගැන තීරණාත්මක අනාවරණයක් - බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 6ක් හෙළිවේ

Report

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස 96,000 ඉක්මවයි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ පුද්ගලයන් 96,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ, දිස්ත්‍රික්ක 06ක පුද්ගලයන් 96,584 දෙනෙකු මේ වනවිට වියළි කාලගුණ තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇති බවයි. අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28ක පවුල් 29,584කට අයත් පුද්ගලයන් 94,356 දෙනෙකු එලෙස පීඩාවට පත්ව ඇති බව සඳහන් වේ.

වියළි කාලගුණයෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කය වන අතර, එහි පවුල් 11,751ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර, වියළි කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව සඳහා පානීය ජලය බෙදාහැරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ඒ අනුව, ආපදාවට ලක්ව ඇති දිස්ත්‍රික්ක 06හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28ක් සඳහා පානීය ජලය බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අඛණ්ඩව සිදුකරමින් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.     

ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම වෙත පැමිණෙයි

ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම වෙත පැමිණෙයි

දැවිතෙල් සහ නැප්තා මිල පහළට - අද මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ගණන් මෙන්න

දැවිතෙල් සහ නැප්තා මිල පහළට - අද මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ගණන් මෙන්න