ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම තවත් ඇවිලෙයි - ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි කනස්සල්ල මැද බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා විසින් ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ අධිකරණ තීන්දුවකට අනුව බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින්.
ඒ අනුව මෙම ලිපිය මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහනාහිමිවරුන්ගේ අත්සනින් යොමුකර ඇති බව සඳහන්.
හිටපු ගමන් ක්ලාන්ත වි වැටෙනවා.. හිරේ දැම්මොත් ආතතියෙන් මිය යන්න පුළුවන්.. හෙට ශිරන්ති නවලෝක රොහලට ඉදිරිපත් කිරීමට අධිකරණයෙන් නියෝගයක්
එසේම එම ලිපියෙන් මහානායක හිමිවරු පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අධිකරණමය ක්‍රියාදාමයන්ට බාධා නොවිය යුතු බවට සිය ස්ථාවරය වුවත්, භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදි භාවය අහෝසි කිරීම රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට පමණක් සීමා වූ කරුණක් නොවන බවයි.
එබැවින් එය ගරුතර මහා සංඝරත්නයට අයත් ශාසනික කර්තව්‍යයක් බව උන්වහන්සේ අවධාරණය කරයි. අඳාළ ලිපියේ ප්‍රධාන කරුණු කිහිපයක් අවධාරනය කරමින් මහානායක හිමිපාණන් වහන්සේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරි අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී ද අඛණ්ඩව චීවරධාරීව (භික්ෂු භාවයෙන්) පෙනී සිටීමට අවශ්‍ය පරිපාලනමය පහසුකම් සලසා දෙන ලෙසත්, බන්ධනාගාරය තුළ රැඳී සිටින කාලසීමාව තුළ භික්ෂූත්වයට අගතියක් නොවන පරිදි කටයුතු කිරීමට අවකාශ සලසන ලෙසත් ය.
එම ලිපිය පහතින්,