රික්ටර් මාපක 5.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් - කිලෝමීටර 10ක් ගැඹුරින් මහපොළව දෙදරයි

Report

ඊජිප්තු වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ අද (03) අලුයම රික්ටර් මාපක 5.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කරයි.

පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 10ක් (සැතපුම් 6ක්) පමණ ගැඹුරින් මෙම භූකම්පනය සිදුව ඇති අතර, එහි කේන්ද්‍රය සූවස්  නගරයේ සිට කිලෝමීටර 38ක් දුරින් පිහිටි ප්‍රදේශයේ සටහන්ව තිබේ.

ලංකාවේ ඉදිරි පැය 36 මේකයි වෙන්න යන්නේ - මේ පැති වල ජනතාව දැනුවත් වෙන්න

ලංකාවේ ඉදිරි පැය 36 මේකයි වෙන්න යන්නේ - මේ පැති වල ජනතාව දැනුවත් වෙන්න

භූකම්පනය දැනුණු ප්‍රදේශ සඳහා ඊජිප්තු රතු කුරුස සමාජය විසින් සිය හදිසි ප්‍රතිචාර සැලසුම්  සක්‍රිය කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, මෙම භූකම්පනයෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

යුරෝපයම ගිනි ජාලාවක - මහා පරිමාණයේ ලැව්ගිනි ව්‍යාප්ත වෙයි

යුරෝපයම ගිනි ජාලාවක - මහා පරිමාණයේ ලැව්ගිනි ව්‍යාප්ත වෙයි