අවුරුද්දක පමණ දරුවකු අවාසනාවන්ත ලෙස දියේ ගිලී ජීවිතක්ෂයට..!

By Sewvandhi Nov 05, 2023 06:51 AM GMT
Report

අරලගංවිල සහ මදුරන්කුලිය යන ප්‍රදේශවල දී දියේ ගිලී කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු මියගොස් තිබේ.

මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇති ඇළකට වැටී දියේ ගිලීමෙන් කුඩා පිරිමි දරුවෙකු මිය ගොස් ඇති බවයි, පොලීසිය පැවසුවේ.

 මේ දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් එම ඇළෙහි ජලය පිරී තිබී ඇති අතර, දරුවා ඊට වැටීමෙන් මෙලෙස දියේ ගිලී තිබේ. මියගොස් ඇත්තේ, අවුරුද්දයි මාස 02ක් වයසැති මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි ව සිටි කුඩා පිරිමි දරුවෙකි.

මේ අතර, අරලගංවිල 05 කණුව ප්‍රදේශයේ ඉසෙඩ්.ඩී ඇළට වැටී මියගිය පුද්ගලයෙකු ගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ, 73 හැවිරිදි මැදගම දෙවගල ප්‍රදේශයේ පදිංචි ව සිටි අයෙකි.