ගංජා යෙදූ කොරෝනා මඩින රාවණ හෙල ඔසුව ITN සේවයකන්ට බෙදා දෙයි (VIDEO)

medicine ITN hela
By Thaya Dec 25, 2020 11:09 AM GMT
Thaya

Thaya

Report

රිටිගල රාවණා පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දන ඖෂධය ස්වාධීන රූපවාහිනියේ ඉහල පාලනාධිකාරිය හා කාර්ය මණ්ඩලය වෙත බෙදා දී තිබේ.පුරාණ රන්පත් වල සදහන් වට්ටෝරුවකින් මෙම හෙල ඔසුව නිර්මාණය කළ බව ඒ මහතා සඳහන් කරයි.කොරෝනා ආසාදිතයෙකුට මෙන්ම තම ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට ඕනෑම අයෙකුට මෙම ඔසුව පානය කළ හැකි බව ඒ මහතා පැවසීය.ඔහු සඳහන් කරන්නේ තමන් ඕනෑම කොරෝනා ආසාදිතයෙකු අසලටම ගොස් මෙම ඖෂධය ලබා දීමට සූදානම් බවයි.සමස්ත ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ මෙම ඖෂධය ලබා දීමට සූදානම් බව ද ඔහු සඳහන් කරයි.