සුදු පරවියෙක් වගේ සුදු හැර වෙන කිසි පාටකින් ඈ සැරසිලා ඉන්නවා මම දැකලා නෑ. ඒත් පාට නැති අඩුවක් දැනිලත් නෑ - නන්දා නැන්දා නැති අඩුව හැමදාටම තියෙයි නන්දා මාලිනියන් වෙනුවෙන් මාධවී ඇන්තනී තැබූ නොමියෙන මතක සටහන මෙන්න
මාධවී ඇන්තනී කිව්වහම නොදන්න කෙනෙක් නැති තරම්නේ ඇය ජැක්සන් පවුලේ එකම දියණිය . ඉතිං ඇයත් ඊයේ දින අසන්නට ලැබුණු මුළු මහත් ජාතියම කණගාටුවට ළක් කල සිදුවීමක් වන දේශයේ යශෝරාවය නන්දා මාලිනියගේ අභාවය ගැන සටහනක් තබා තිබේ .
ඇය මෙරට සුභාවිත මෙරට ගීත ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් ඉටු කළ අග්‍ර ගණ්‍ය කලාකාරිනියකි
ඇය ගායනා කළ "බුදු සාදු" ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ ඇයගේ සංගීත දිවියට නව මංපෙතක් විවර විය.
1961 වසරේ නිෂ්පාදනය ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය ලෙස සැලකෙන "රන්මුතු දූව" චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසින් සිදුකරන ලදී. එම චිත්‍රපටයේ නාරද දිසාසේකර මහතා සමඟ යුග ගීයක් ගායනා කිරීමට නන්දා මාලනී මහත්මියට අවස්ථාව හිමිවිය. ඒ අනුව ඇය සිය පළමු චිත්‍රපට ගීතය ලෙස "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගායනා කළ අතර, එය අතිශය ජනප්‍රියත්වයට පත්විය.
''ඔබ හට පෙම් කළ යුගය නිමා කර වෙන් වී යන්නට දවස පැමිණ ඇත" - නන්දා මාලනියන්ගේ අභාවයෙන් හදවත සසල වූ අභිෂේකාගේ සංවේදී සටහන
නන්දා මාලනී මහත්මියගේ සංගීත දිවිය තුළ "පෙරදා මහ රෑ", "පහන් කන්ද", "සත්‍යයේ ගීතය", "පවන ගී එකතුව", "හේමන්තයේදී", "තාරුකා ඇස්", "පාවෙනා", "සින්දු හෝඩිය", "කිඳුරියකගේ විලාපය", "මඳු බඳුන්", "හඳහාමි", "සංඛ පද්ම", "පෙම්බර ලංකා", "ග්‍රැමෆෝන් ගී", "අරලිය ලන්දට", "නිලම්බරේ" සහ "පිරිත් පැන්" ඇතුළු නිර්මාණ රැසක් බිහි විය. දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ කළ මෙහෙවර වෙනුවෙන් නන්දා මාලනී මහත්මිය සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.
ඇයගේ වෙන්වීම මෙරට සංගීත ක්ෂේත්‍රයට පිරි මසින්න්ට නොහැකි අඩුවකි .
කොහොම වුණත් ඇය ගැන සමස්ත සමාජය කතාබහට ළක් කරනු ලබයි . මේ වෙද්දී බොහෝ කලා කරුවන් ඇය වෙනුවෙන් ශෝක පණිවිඩ නිකුත් කර තිබේ
ඒ අතර මාධවී ඇන්තනී සදහන් කරන්නේ මෙවන්නකි
ගුවන්විදුලියේ පටිගතකිරීමක් වෙනුවෙන් ළමා ගායිකාවක් විදිහට "අද පමනක් නොවේ අපට හෙටක් තියෙනවා" ගීතය ගයන්න මට පැවරිලා තිබුණා. එතකොට මට වයස 7-8ක් ඇති. අම්මයි අප්පච්චියි නන්දා නැන්දා ලඟට මාව එක්කන් ගිහින් ඒ ගීය හරි විදිහට ගයන හැටි ගැන ඇගෙන් ගුරුහරුකම් අරන් දුන්නා. එදා හඳුනගත් දා සිට මේ දක්වා සුදු පරවියෙක් වගේ සුදු හැර වෙන කිසි පාටකින් ඈ සැරසිලා ඉන්නවා මම දැකලා නෑ. ඒත් පාට නැති අඩුවක් දැනිලත් නෑ. හැබැයි අදින් පස්සෙ නන්දා නැන්දා නැති අඩුව හැමදාටම තියෙයි. නිවනින් සැනහෙන්න නැන්දා
❤️