මට බඩගින්නක් ආවත් මාධවී අනිත් පැත්තට කෑම හදලත් ඉවරයි.එයා හම්බවුණේ ගොඩ කාලෙකට කලින් (PHOTOS )
මේ දවස් වල සමාජ මාධ්‍ය පුරාවටම කතාබහට ලක් කරන ආදරණීය කලාකරුවන් දෙපලක් තමයි මාධවී ඇන්තනී සහ කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ.
මේ දෙන්නම කලාවත් එක්ක සම්බන්ධ ආදරණීය චරිත දෙකක්.කසුන් කියන්නේ හොඳම ගී පද රචකයෙක්.ඒ වගේම මාධවී කියන්නෙ දක්ෂ ගායිකාවක් ඊටත් අමතරව අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ සියලුම දේවල් එක්ක දෙවන විවාහයෙන් පස්සේ නැවත වතාවක් තනිකඩ වෙලා හිටපු මාදවීගේ ජීවිතයට කසුන් ආලෝකයක් වුණා කියන්න ඇයම කිව්වා.එනිසා දැන් මේ ආදර කතාව ගොඩක් දෙනෙක්ට රහසක් නෙවෙයි.ඔවුන් දෙදෙනාම විවෘතව මේ දෙන්න ගැන අදහස් ඉදිරිපත් කරලා තිබුණා.
කසුන් ගැන කතා කරද්දී කසුන්ගෙ ලොකුම අනාගත බලාපොරොත්තුව තමයි සිනමා අධ්‍යක්ෂකවරයෙක් වෙන එක.ඒ වෙනුවෙන් දැනට මං චිත්‍රපට කීපයක් නිර්මාණය කරලා තියෙනවා.මේ දවස් වල ආදරෙන් හිත පුරෝගෙන ඉන්න කසුන් ඇත්තටම මාදවි හම්බ වෙච්ච විදිය ගැනත් කිව්වේ මේ වගේ කතාවක්.
“මාදවි ව මට මුණ ගැහෙන්න සංසාරයේ දී.ඇය සංසාරයක් පුරාවට ම මාව පතාගෙන ආ කෙනෙක් ඒ ගීතය තුළ මට මුණ ගැසෙන්නේ මාධවී කියල නිලියව හා ගායන ශිල්පිනිය ව. මාධවී කියන ගැහැණිය මට මුණ ගැහෙන්නේ ගොඩක් කාලෙකට පෙරයි.”
ඒ වගේම තමයි මාධවී කියන්නෙත් කලාවට ගොඩක් ළැදි කෙනෙක් එනිසා කසුන්ගෙ බොහෝ කලා කටයුතුවලට ඇය උදව් කරනවා කියලා ඔහු සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි ඇයට හරිම රහට කෑම හදන්න පුළුවන් ඇයගේ youtube නාලිකාව හරහා විවිධ ආකාරයෙන් ආහාර පිසින වීඩියෝ අපට දැකබලා ගන්න හැකියාව ලැබුණා.ඉතින් මාධවී රහට පිසින ආහාර ගැන අලුත්ම පෙම්වතා කසුන් කිව්වේ මේ වගේ කතාවක්.
“මාධවී හදන කෑම වලින් මම කන්න ආසම කිරිබත්. අප සම්බන්ධය ගොඩ නැඟීම තුළින් කිරිබත් හා බැඳුණු කතාවක් තියෙනවා.මගේ ආහාර වට්ටෝරුව ගොඩක් වෙනස් මම කෑම කන්නේ ගොඩක් තෝරා බේරා ගෙන.මාදවි හදන කෑම වලට මම බොහොම ප්‍රියයි ඇය ගොඩක් රහට කෑම හදනවා.ඒ වගේම මේ පැත්තෙන් බඩගින්නක් ආවත් අනිත් පැත්තෙන් ඇය කෑම හදලා ඉවරයි ඒ තරම් ඉක්මනට වගේම රසට ඇය කෑම හදනවා.”
ඉතින් ඔන්න ඔය විදිහට තමයි කසුන් තමන්ගේ ආදරණීය පෙම්වතිය පිළිබඳ ව ආදරයෙන් අදහස් පත් කරලා තිබුණේ.ඉතින් ඔවුන් දෙදෙනාටම අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.






