ආරක්ෂාව පතා ජනාධිපතිවරයෙක් රටින් පලා ගිහින්
මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රැජොයෙලිනා රටින් පලාගොස් ඇති බව තහවුරු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව ඔහු මෙසේ ඉවත් වී ඇත්තේ ජනතා විරෝධය මධ්‍යයේ දේශපාලන අර්බුදය උත්සන්න වී ඇති පසුබිමක බව සඳහන්.
එරට වාර්තාවක් හෙළි කරන්නේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සමඟ ඇති කරගත් ගිවිසුමකින් අනතුරුව ඔහු දේශපාලන රැකවරණ පතා මෙසේ ප්‍රංශයට පලාගොස් ඇති බවයි.
එසේ වුවත් සැප්තැම්බර් 25 සිට රට දෙදරා ගිය මැඩගස්කරයේ අභ්‍යන්තර අර්බුදයට ඔවුන් මැදිහත් නොවන බවට ප්‍රංශ බලධාරීන් අවධාරණය කර සිටියි. මේ අතර පුළුල් ජල හා විදුලි කප්පාදුව නිසා රටේ නොසන්සුන්තාවයක් ආරම්භ වී තිබුණා.
එසේම එය ඉක්මනින්ම රැජොයෙලිනාගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටින ජාතික ව්‍යාපාරයක් දක්වා වර්ධනය වීම ද කැපී පෙනුන කරුණක් විය.
මේ අතර විරෝධතා විසුරුවා හැරීමට ආරක්ෂක අංශ බලය භාවිතා කර තිබෙන අතර විරෝධතාකරුවන්ට පිටුබල දුන් නිලධාරීන් විසින් පැරාමිලිටරි ගරිල්ලා ඒකකයේ පාලනය සියතට ගෙන ඇති බවද වාර්තා වුණා.
මේ අතර ජනාධිපති රැජොයෙලිනාගේ ඉවත් වීම තහවුරු කිරීමට පෙර ඔහු සිටි තැනක් ගැන පැහැදිලි අදහසක් කිසිවකුට නොවු බව එරට වාර්තා පෙන්වා දෙයි.
එසේම අද පස්වරු 7 ට (GMT 4 ට) ඔහු ජාතිය ඇමතීමට නියමිතව සිටි බව ජනාධිපති කාර්යාලය සිය නිල ෆේස්බුක් පිටුවේ නිවේදනය කර ඇත.
එසේ වුවත් විරෝධතාවලට සහාය දුන් නිලධාරීන් ගරිල්ලා ඒකකයේ පාලනය සියතට ගත් බව ප්‍රකාශ කළ දා පටන් රැජොයෙලිනා ප්‍රසිද්ධියේ කතා කර නැති බව සඳහන්.
ඊට අමතරව ජනාධිපති කාර්යාලය ඉරිදා දිනයේ අනතුරු ඇඟවූයේ කැප්සැට් සාමාජිකයන් මඟින් කුමන්ත්‍රණයක් කිරීමට උත්සාහ ගන්නා බවයි.
කැප්සැට් යනු 2009 කුමන්ත්‍රණයකදී රැජොයෙලිනාට බලය අල්ලා ගැනීමට උදව් කළ ප්‍රභූ ඒකකයක් බව සඳහන්.
පසුගිය සෙනසුරාදා රාත්‍රියේදී අගමැති ක්‍රිස්ටියන් සහ ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතෙකු වන ව්‍යාපාරික මාමි රවතොමන්ගා යන අය පුද්ගලික ජෙට් යානයකින් මොරිෂස් බලා පියාසර කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වුණා.