ලෝකෙම විනාස කරන්න හදන ට්‍රම්ප් - ඇමරිකාවෙන් තෙල් ජිවනාලියට දරුණු ප්‍රහාරයක්
ඇමරිකාව විසින් ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන කාර්ග් දූපතට විසින් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත.
මේ පිලිබදව ඇමරිකාව පවසා ඇත්තේ කාර්ග් දූපතේ සෑම හමුදා ඉලක්කයකටම ප්‍රහාර එල්ලකළ බවයි. සැතපුම් 5ක පමණ දිගකින් යුත් කුඩා දූපතක් වන මෙය, ඉරාන වෙරළට නාවික සැතපුම් 15ක් පමණ දුරින් පිහිටි තිබේ.
කාර්ග් දූපත එරට ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන අතර, එය ඉරානයේ 'ඛනිජ තෙල් ජීවනාලිය' ලෙසය. ඉරානය සිය බොරතෙල් අපනයනයෙන් 90%ක්ම මෙම දූපත හරහා සිදුවන අතර ඔවුන්ගේ විශාලතම තෙල් ගැණුම්කරුවා වන චීනය තෙල් රැගෙන යන්නේද මෙම දූපතෙන්ය.
ඒ අනුව කාර්ග් දූපතට එල්ලවන ඕනෑම ප්‍රහාරයකින් ඉරාන ආර්ථිකයට බරපතළ ප්‍රහාරයක් එල්ලවනු ඇති බව විදෙස් වාර්තා පවසයි. මෙම දූපත අල්ලා ගැනීමට අමෙරිකාව විශේෂ හමුදා යැවීමට ට්‍රම්ප් සලකා බලමින් සිටින බවත් එම වාර්තා සඳහන් කරයි.
මේ පිළිබදව ට්‍රම්ප් පවසා ඇත්තේ, "මම එම දූපතේ ඇති තෙල් යටිතල පහසුකම් විනාශ නොකිරීමට තීරණය කළා. කෙසේ වෙතත්, ඉරානය හෝ වෙනත් අයෙකු හෝ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකාවල නිදහස් හා ආරක්ෂිත ගමනාගමනයට බාධා කිරීමට යමක් කළහොත්, මම වහාම එම තීරණය නැවත සලකා බලනවා," ලෙසයි.
මේ වනවිටත් ඉරානයේ තෙල් පද්ධති වලට ඇමරිකාව සිදුකළ ප්‍රහාර මගින් දැවෙන තෙල් වල කළු දුමාරය අහසට ගොස් මේ වනවිට ඉරානයට කළු ආම්ලික වැසි වසී. මෙහි සෞඛ්‍යම භයානක තත්ත්වය පිළිබදවද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත.මෙවැනි අවස්ථාවක ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන කාර්ග් දූපතට බෝම්බ හෙලීම නුසුදුසු හා භයානක ප්‍රතිවිපාක ලෝකයටම එල්ල කරයි කරයි.