මුළු ලංකාවටම වලංගු නිවේදනයක් - අඩුපීඩන කලාපයක් නිර්මාණය වෙමින් පවතින බවට අනතුරු ඇගවීමක්

Report

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බවත්, ඒ හේතුවෙන් දිවයින පුරා පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් ඉහළ යා හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම පද්ධතිය මේ වන විට උතුරු අක්ෂාංශ 10.1N සහ නැගෙනහිර දේශාංශ 82.5E ආසන්න ප්‍රදේශයේ ස්ථානගත වී ඇත.

බුත්තල දෙමළිය වැව පිටාර ගලයි - ගොවි ජනතාව පීඩාවට

බුත්තල දෙමළිය වැව පිටාර ගලයි - ගොවි ජනතාව පීඩාවට

අඩුපීඩන කලාපයකදී වායුගෝලීය පීඩනය අවට ප්‍රදේශයට වඩා අඩු වන අතර, ඒ දෙසට අවටින් සුළං හමා ඒම නිසා වලාකුළු නිර්මාණය වී තද වැසි සහ සුළං ඇති වේ.

මෙම පද්ධතියේ බලපෑම නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

නැවතත් කාලගුණය වෙනස් වේ - පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක්

නැවතත් කාලගුණය වෙනස් වේ - පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක්

ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.