ගංවතුරින් ගලේවෙල යට වෙයි - ග්‍රාම සේවා වසම් 14ක පවුල් අවතැන්

Report

පවතින අධික වර්ෂාවත් සමඟ සිදු වූ ජල ගැලීම් නිසා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 14කට අයත් පවුල් රැසක් අවතැන්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉන් වැඩිම හානියක් ගලේවෙල නගරය ආසන්නයේ පිහිටි පට්ටිවෙල ලකීවත්ත ප්‍රදේශයට සිදුව ඇති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පෙන්වා දී ඇත.

එමෙන්ම නිවාසවල අඩි තුනත් පහත් අතර උස ප්‍රමාණයකට ජලය පැමිණ ඇති බව වාර්තා වේ.

මහගංවතුර තත්ත්වයක් - දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීමුත් නිකුත් කරයි

මහගංවතුර තත්ත්වයක් - දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීමුත් නිකුත් කරයි

මේ වනවිට එම ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති අතර අවතැන්ව සිටින පවුල් සහ පුද්ගලයින් සංඛ්‍යාව මේ දක්වා ගණනය කර නොමැති බව නිලධාරින් පවසයි.

කෙසේ වෙතත් දිවයිනට පවතින අධික වර්ෂා හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක වාන් දොරටු මේ වන විටත් විවෘත කර ඇති බැවින් පහත් බිම්වල වෙසන ජනතාවට, රජයෙන් නිකුත් කරන අනතුරු ඇඟවීම් නිවේදනය ගැන දැඩි අවධානයෙන් සිටින මෙන් උපදෙස් දී ඇත. 

නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න - මේ ජලාශ අවට සහ පහත්බිම්වල වෙසෙන ජනතාවට දැනුම්දීමක්

නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න - මේ ජලාශ අවට සහ පහත්බිම්වල වෙසෙන ජනතාවට දැනුම්දීමක්

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටීමේ අවධානම තව දුරටත්

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටීමේ අවධානම තව දුරටත්