ලාංකිකයන් 84% ගැන හෙළිවෙන සුබ ආරංචියක් මෙන්න

Report

මෙරට ජනගහනයෙන් සියයට 84ක් ඇස් දන්දීම සඳහා කැමැත්ත පළකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙය ලෝක මට්ටමින් ගත් කළ ඉතා ඉහළ අගයක් වන අතර, ශ්‍රී ලාංකිකයන් සතු මානුෂීය සහ පින්කම් සඳහා ඇති ලැදියාව මෙයින් මනාව පිළිබිඹු වේ.

ජාතික අක්ෂි බැංකුව ආරම්භ කර ගතවු වසර 15ක කාලය තුළ එම බැංකුව වෙත අක්ෂි කුණිත 17,000ක් ලැබී ඇති අතර ඉන් කුණිත 12,000ක් මෙරට පෙනීම දුර්වල රෝගීන් සඳහා සාර්ථකව බද්ධ කර ඇත.

කවුරුත් නොදන්න රාජපක්ෂ - සජිත් සම්බන්ධය - රාජපක්ෂ පවුලේ නඩු ගැන කියද්දී සජිත්ට රිදෙන හේතුව?

කවුරුත් නොදන්න රාජපක්ෂ - සජිත් සම්බන්ධය - රාජපක්ෂ පවුලේ නඩු ගැන කියද්දී සජිත්ට රිදෙන හේතුව?

මෙරට අවශ්‍යතා සපුරාලීමෙන් අනතුරුව, ජාත්‍යන්තර ඉල්ලීම් මත අක්ෂි කුණිත 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් විදේශ රටවලට ප්‍රදානය කිරීමට ද පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික අක්ෂි බැංකුව වර්තමානය වන විට ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් සහිත ආයතනයක් බවට පත්ව ඇත.

ඇතුළට යන්න පෝලිමේ ඉන්න ලෑස්ති වෙන්න - ප්‍රභූ පන්තිය කලබල වුණ රහස ලාල්කාන්ත හෙළි කරයි

ඇතුළට යන්න පෝලිමේ ඉන්න ලෑස්ති වෙන්න - ප්‍රභූ පන්තිය කලබල වුණ රහස ලාල්කාන්ත හෙළි කරයි

විශේෂයෙන්ම සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව ඇතුළු ආසියානු සහ අප්‍රිකානු රටවල් රැසකින් මෙරට අක්ෂි කුණිත සඳහා විශාල ඉල්ලුමක් පවතී.

එම රටවල පවතින ආගමික සහ සංස්කෘතික සීමාවන් නිසා අක්ෂි දන්දීම අවම මට්ටමක පැවතිය ද, ශ්‍රී ලංකාව එම රටවල රෝගීන්ට ද පෙනීම ලබා දීමට පෙරමුණ ගෙන සිටීම අභිමානයට කරුණකි.

සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම සේවාව තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික පහසුකම් අක්ෂි බැංකුව වෙත ලබාදීමට කටයුතු කරන බවයි.

තම මරණින් පසුව තවත් අයෙකුට ලෝකය දැකීමට අවස්ථාව ලබා දීම සඳහා මෙලෙස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය ලෝකයාගේ පැසසුමට ලක්ව තිබේ.