උදේට අත්ඩංගුවට ගන්න ඉන්න ඇති රෑ මෙහෙම දෙයක් වෙයි කියලා පොලීසිය හිතන්නේ නැහැ - ආනන්ද පොලිස්පතිගෙන් විමසන්න කියයි[VIDEO]

Report

අද(08) දින මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් මාධ්‍යවේදීන් විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිත ප්‍රකාශයක් සිදු කළ නොහැකි බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඒ සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් කළ හැකි බවත් ය.

කපිලගේ මරණේ පිටුපස සැඟවුණු කුමන්ත්‍රණය මහින්දව සිරගත කිරීමද? රටම දෙදරන මරණ රොත්තක තිත්ත ඇත්ත ගැන සාගර කට අරී

කපිලගේ මරණේ පිටුපස සැඟවුණු කුමන්ත්‍රණය මහින්දව සිරගත කිරීමද? රටම දෙදරන මරණ රොත්තක තිත්ත ඇත්ත ගැන සාගර කට අරී

"මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වෙලා තියෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය මේ වනවිට සිදුවෙනවා. ඒකට පස්සේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් පැහැදිලි කරාවි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සියලු ආකාරයේ විමර්ශන ආරම්භ කරලා තියෙනවා.

ප්‍රශ්නය - ඊයේ දිනයේදී වරෙන්තු නිකුත් කරපු වෙලාවේ අත්අඩංගුවට ගත්තා නම් මේක වෙන්නේ නැහැනේ.?

පිළිතුර - පොලීසිය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මොකද ඊයේ හවස තමයි පොලීසිය මේ පිළිබඳව දැනුවත්වෙලා තිබුණේ. පොලීසිය හිතන්නේ නැහැ රාත්‍රී කාලය වෙනකොට මෙහෙම වෙයි කියලා. පසුදා උදෑසන අත්ඩංගුවට ගන්න හිතාගෙන ඉන්න ඇති. පොලිස් අත්අඩංගුවේ ඉඳලා නිදහස් වූ කෙනෙක්. අධිකරණ නියෝගයක් තිබුණා. මේ පිළිබඳව පොලිස්පතිතුමාගෙන් විමසීමක් කරන්න. නමුත් මේ පිළිබඳව ස්ථිර මතයක් ප්‍රකාශ කිරීමට හැකියාවක් නෑ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පස්සේ තමයි මේ පිළිබඳව ප්‍රකාශයක් කිරීමට තියෙන්නේ." 

රටම කැළඹූ ශ්‍රී ලංකන් හිටපු CEO කපිලගේ මරණයේ තවත් තොරතුරු රැසක් එළියට

රටම කැළඹූ ශ්‍රී ලංකන් හිටපු CEO කපිලගේ මරණයේ තවත් තොරතුරු රැසක් එළියට

කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,