ජනතාව රවට්ටන්න පරීක්ෂණ කරන්න එපා.. ආණ්ඩුව ලිස්සලා යන්න හැදුවත් අපි හෙට එනවා - නාමල් රාජපක්ෂගෙන් රතු එළියක්

Report

අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක ඒ නිසා එන්න කියන ඕනෑම වෙලාවක එනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (11) දින නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේදී මාධ්‍යවේදීන් විසින් හෙට දින මහින්ද රාජපක්ෂ මැතිතුමා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙනවා දැයි ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා 

'' එන්න කියන ඕන වෙලාවක අපි යනවා. ආණ්ඩුවේ අයත් දැනගන්න ඕන බලපෑම් කරලා බය කරලා මේ ගමන යන්න බැහැ.ඉතින් පැහැදිලිවම මේකට පරීක්ෂණයක් වෙන්න ඕන.එනිසා අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක.

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

හැබැයි අනිත් පැත්තෙන් ඒ පරීක්ෂණ කටයුතු බලපෑම් කරලා බලහත්කාරයෙන් කට උත්තර ලියාගන්න න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙනවා නම් සාධාරණයක් වෙන්නෙ නෑ.අවසානයේ ඒකෙ පාඩුවත් ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට.මොකද ජනතාව රවට්ටන්න තමයි එහෙම කරන්නේ. විපක්ෂය කෙසේ වෙතත් පරීක්ෂණයක් වෙන්න ඕන මොකද ආණ්ඩුව උත්සාහ කරනවා හුඟක් දේවල් යට ගහන්න.
මොකද අපි දැක්කා මුදල් අමාත්‍යාංශයේ සිදුවීමේදී වෙච්ච මරණයක් සම්බන්ධයෙන් අර කෝටි අසූවක් පන්නපු එක සම්බන්ධයෙන් ඒක ඒ වෙලාවෙම වෙලාවේම සියදිවි හානි කර ගැනීමක් කියල යටගැහුවා.හැබැයි මේකෙදි ලොකු සමාජ කතිකාවතක් හදන්න උත්සාහ කරනවා හැබැයි මේ හැම එකක් ගැනම සාධාරණ පරීක්ෂණයක් වෙන්න ඕන. අපි එන්න ඕන කියන ඕනම වෙලාවක යනවනේ.ඒ හින්දා එක ගැන ප්‍රශ්නයක් නෑ.මග හරින්න හේතුවක් නෑනේ. හැබැයි දැනට ඉන්න ආණ්ඩුව බොහෝ ප්‍රශ්න මග ඇරලා මාරු වෙන්න උත්සාහ කරනවා.හැබැයි ඉතින් එහෙම ලිස්සල ගිහිල්ලා හරියන්නෙ නැහැ. ''

එයාර් බස් ගනුදෙනුවේ සුලමුල සොයා ඕස්ට්‍රේලියාවට - කපිලගේ බිරිඳ සහ නිමල් පෙරේරා කොටු කරගන්න අලුත් මෙහෙයුමක්

එයාර් බස් ගනුදෙනුවේ සුලමුල සොයා ඕස්ට්‍රේලියාවට - කපිලගේ බිරිඳ සහ නිමල් පෙරේරා කොටු කරගන්න අලුත් මෙහෙයුමක්

හෙට පෙරවරු 9.00ට මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පවතින නීතිමය කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද පස්වරුවේ නීතීඥ කණ්ඩායමක් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පවතින නීතිමය කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද පස්වරුවේ නීතීඥ කණ්ඩායමක් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  නීතිඥ මනෝජ් ගමගේ මහතා;

"දැනට අපි තීරණය කරලා තියෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යයෙන්ම පැමිණෙන්න. මොකද එතුමා කවදාවත් ප්‍රශ්නවලින් පලා යන කෙනෙක් නෙමෙයි. නමුත් යම් යම් නීතිමය කාරණා තියෙනවා අපි සලකා බැලිය යුතු. ඒ සම්බන්ධව අද හවස පැවැත්වෙන සාකච්ඡාවේදී නීතිඥ කණ්ඩායමක් විසින් කරුණු සලකා බලනවා. නමුත් අපේ දැනට තීරණයේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ අනුව එතුමා හෙට සහභාගී වෙන්න නියමිතව සිටිනවා.. අපි දන්නවා පැහැදිළිව අධ්‍යක්ෂක ජනරාල්වරයාට නමින් චෝදනා කරලා තියෙනවා මියගිය කපිල චන්ද්‍රෙස්න මහත්මයා.
එවැනි තත්ත්වයක් තිබියදී එම පාපොච්චාරණය පදනම් කරගෙන නම් මේ ප්‍රකාශය ගන්න නියමිත වෙලා තියෙන්නේ එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තක් විදිහට තමයි අපි දකින්නේ. මොකද දැනටමත් එම ප්‍රකාශය බලෙන්, බලහත්කාරයෙන්, තර්ජනය කරලා ලබා ගත්ත ප්‍රකාශයක් කියලා කපිල චන්ද්‍රසේන මහත්මයා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තියෙන්නේ."

කපිල් හොද හිතවතෙක් වගේම රටට සේවයක් කරපු පුද්ගලයෙක් - මියගිය කපිල චන්ද්‍රසේන ගැන මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

කපිල් හොද හිතවතෙක් වගේම රටට සේවයක් කරපු පුද්ගලයෙක් - මියගිය කපිල චන්ද්‍රසේන ගැන මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක්