ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් අපිටත් කවදාහරි දවසක සිද්ධ වෙයිද දන්නෑ මෙන්න අහවලා සියදිවි නසාගෙන කියලා - මෛත්‍රී ගුණරත්න[VIDEO]

Report

සැක කටයුතු ආකාරයට මියගොස් සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ සිරුර අද (08) දින උදෑසන දී සොයා ගැනීමත් සමඟ එම මරණය සම්බන්ධයෙන් රටේම අවධානය යොමුව ඇත්තේ එය සියදිවිනසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන සැකය සමඟයි.

කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙරද රජයේ උසස් නිලධාරියෙක් මරණයට පත් වූ අතර ඒ සමඟම මෙම මරණය සිදු වීම සම්බන්ධයෙන් විවිධ අදහස් සමාජයේ හුවමාරු වේ.

එක පිට එක සිදුවන මෙම මරණ හමුවේ වර්තමාන ආණ්ඩුවට ද විවිධ පාර්ශවයන්ගෙන් විවේචන සහ දැඩි දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී.

කපිලගේ මරණේ පිටුපස සැඟවුණු කුමන්ත්‍රණය මහින්දව සිරගත කිරීමද? රටම දෙදරන මරණ රොත්තක තිත්ත ඇත්ත ගැන සාගර කට අරී

කපිලගේ මරණේ පිටුපස සැඟවුණු කුමන්ත්‍රණය මහින්දව සිරගත කිරීමද? රටම දෙදරන මරණ රොත්තක තිත්ත ඇත්ත ගැන සාගර කට අරී

එවැනි පසුබිමක රටේ වර්තමාන තත්ත්වය බරපතළ බවත් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ඉතා සැක සහිත බවටත් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඒ අනුව අද(08) දින මාධ්‍යට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුවට එරෙහිව ඊළඟ මරණය තමාගේ වුවද විය හැකි බවයි.

එසේම මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් පවතින බරපතළ සැකය සහ මිය යෑමට පෙර ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සහ අල්ලස් කොමිෂන් සභාවේ උසස් නිලධාරීන්ගෙන් ලැබූ බව කියන තර්ජන සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අවධාරණය කළේ අද වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පවා පැමිණිලි කිරීම අර්ථවිරහිත බවයි.

රටම කැළඹූ ශ්‍රී ලංකන් හිටපු CEO කපිලගේ මරණයේ තවත් තොරතුරු රැසක් එළියට

රටම කැළඹූ ශ්‍රී ලංකන් හිටපු CEO කපිලගේ මරණයේ තවත් තොරතුරු රැසක් එළියට

එමෙන්ම නීතීඥවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

"අද දින ඉතාමත් ඛේදනීය ආරංචියක් ලැබුණා නඩුවක සැකකාරයෙක් එල්ලිලා මැරුණයි කියලා කපිල චන්ද්‍රසේන මහත්මයා. මේක විමර්ශනය කළ බලන්න වෙනවා මොකද මේ කපිල චන්ද්‍රසේන කියන මහත්මා දිවුරුම් ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා ගරු අධිකරණයට CID එකේ නිලධාරීන් සහ අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් විසින් කරපු ක්‍රියා කිහිපයක් සම්බන්ධව. එතකොට එතනදි මොහුට විරුද්ධව විශාල තර්ජනයක් සිද්ධ වෙලා තියෙනවා. එය තර්ජනයත් එක්ක මේ සියදිවි නසා ගැනීම පිළිබඳව හොයලා බලනවිට අපි හිතනවාට වඩා ගැඹුරට මේකෙදි යන්න වෙනවා. මොකද මේ ආණ්ඩුව ආවට පස්සේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ පුද්ගලයෝ සියදිවි නසා ගන්න තත්ත්වයට පත්වෙලා තියෙනවා. දැන් මේ පළවෙනි එක නෙමේ මේ දෙවෙනි එක. දැන් මේ ආණ්ඩුවට විරුද්ධව කතාකරන අපිටත් කවදාහරි දවසක සිද්ධ වෙයිද දන්නෑ මෙන්න අහවලා සියදිවි නසාගෙන කියලා. ඉතින් මේක ඉතාමත් බරපතළ සිද්ධි දාමයක් තමයි සිද්ධ වීගෙන එන්නේ. ඉතින් අපි කාටද මේ ගැන පැමිණිලි කරන්නේ. එකටත් පැමිණිලි කරන්න බෑ ආණ්ඩුවේ හෙන්චයියෝ ටික තමයි ඉන්නේ. එතකොට මේකෙ පුරවැසියෝ ඉතාමත් අසරණ වෙලා තියෙනවා. එතකොට එකෙන් වාර්තාවක් අධිකරණයට දානවා. එතකොට අධිකරණයට හරියට වාර්තාවක් ඉදිරිපත් කරන්නේ නැත්තම් ඒකේ ඇති ප්‍රයෝජනයක් නැහැ. දැන් අපි මේ උසාවියට ඇවිල්ල තියෙන හයේ පොතේ මොඩිල් එක සම්බන්ධ නඩුවකට. ඒ පැමිණිල්ල දාල මාස හතරක් පහක් ගතවෙලා තියෙනවා අද වෙනකල් එක සැකකාරයෙක් ගන්න බැරිවෙලා තියෙනවා. එතකොට CID එකේ ක්‍රියාදාමය ආණ්ඩුවේ කවුරුහරි සම්බන්ධයි නම් ඒගොල්ලෝ විමර්ශනය කරගෙන යනවා. විපක්ෂයේ කවුරුහරි සම්බන්ධයි නම් එකපාරටම අත්අඩංගුවට අරගෙන ඇතුලට දානවා............"

ශ්‍රීලන්කන් හිටපු CEO සියදිවි හානි කරගනී

ශ්‍රීලන්කන් හිටපු CEO සියදිවි හානි කරගනී

අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,