බටුවත්තේ චාමරට රැඳවුම් නියෝග

Report

අසර්බයිජානයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මනෝජ් සුරංග ලියනගේ හෙවත් "බටුවත්තේ චාමර" නමැත්තාගෙන් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටී.

රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මෙම සැකකරු මෙරට සිදුවූ දරුණු ගණයේ අපරාධ රැසක ප්‍රධාන සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත.

අවුරුද්දක් යනකම් රත්තරන් ගන්න එපා - මහජන රැස්වීමේදී රටේ ජනතාවගෙන් ඉල්ලීමක්

අවුරුද්දක් යනකම් රත්තරන් ගන්න එපා - මහජන රැස්වීමේදී රටේ ජනතාවගෙන් ඉල්ලීමක්

පසුගිය අප්‍රේල් මස 07 වැනිදා අසර්බයිජාන ආරක්ෂක අංශ විසින් මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර තිබූ "රතු නිවේදනයකට" (Red Notice) අනුවය.

වසර කිහිපයක් තිස්සේ විදේශගතව සැඟව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලයන් සහ කොන්ත්‍රාත් ඝාතන මෙහෙයවූ බවට මොහුට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී තිබේ.

නැවතත් කාලගුණය වෙනස් වේ - පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක්

නැවතත් කාලගුණය වෙනස් වේ - පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක්

කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මගින් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන අතර, මොහු විසින් මෙහෙයවන ලද මත්ද්‍රව්‍ය ජාලයේ දේශීය සබඳතා සහ අපරාධවලින් උපයාගත් නීතිවිරෝධී වත්කම් පිළිබඳව ද තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය අපේක්ෂා කරයි.

විදේශ රටවල සිට මෙරට අපරාධ මෙහෙයවන ජාවාරම්කරුවන් කොටු කර ගැනීමේ රජයේ විශේෂ මෙහෙයුම් මාලාවේ වැදගත් ජයග්‍රහණයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සැලකේ.