බුත්තල දෙමළිය වැව පිටාර ගලයි - ගොවි ජනතාව පීඩාවට

Report

බුත්තල ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග බුත්තල දෙමළිය වැව මේ වන විට පිටාර ගලමින් ඇති බව වාර්තා වේ.

එලෙස පිටාර ගලන ජලයට දෙමළිය ප්‍රදේශයේ වගා කර තිබූ කුඹුරු වගාවන් රැසක් යට වී ඇති අතර දෙමළිය හරහා බුත්තල දෙසට ගමන් ගන්නා මාර්ගයද ජලයෙන් යට වී ඇති බවද තොරතුරු වාර්තා වේ.

කුඹුරු වගාවන් රැසක් මේ වන විටත් ජලයෙන් යට වෙමින් පවතින අතර වසර ගණනාවකට පසු මෙවැනි තත්ත්වයක් දෙමළිය ප්‍රදේශයට ඇති වූ බව ප්‍රදේශයේ ගොවි ජනතාව පවසයි.

අද රාත්‍රී 11.30 දක්වා දැඩි අනතුරු ඇගවීම් - ජනතාව වහාම ප්‍රවේශම් වෙන්න

අද රාත්‍රී 11.30 දක්වා දැඩි අනතුරු ඇගවීම් - ජනතාව වහාම ප්‍රවේශම් වෙන්න

මහගංවතුර තත්ත්වයක් - දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීමුත් නිකුත් කරයි

මහගංවතුර තත්ත්වයක් - දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීමුත් නිකුත් කරයි