තලපති විජේ අලුත් මහ ඇමති පුටුවේ ඉඳගද්දිත් බුකිය කළඹපු සටහනක් - ත්‍රිෂා ඇත්තටම ඇයි එහෙම කිව්වේ කියලා ලෝකෙම රසිකයෝ කුතුහලෙන්[PHOTOS]

By Kaushi May 11, 2026 10:08 AM GMT
Report

තමිල්නාඩුව ගැන ඉතින් මේ දවස්වල කතාවෙන්නේ ඉන්දියාවේ විතරක් නෙවෙයිනේ. කොටින්ම කිව්වොත් කතාවෙන් නැති රටක් හොයා ගන්නත් නැති තරම්.

ඕකට මූල කාරණය ඉතින් තලපති විජේ කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. දමිල සිනමාව පිස්සු වට්ටපු විජේ සිනමාවට සමු දීලා දේශපාලන වේදිකාවට නැග්ග දවසේ ඉඳන්ම ඉතින් තමිල්නාඩුව දිහා ලෝකේ ගොඩක් රටවල් බලන් හිටියා.

මයික් එක ගත්ත ගමන් කච්චතිව් ගැන දුන්න පොරොන්දුව නිසා එච්චර කාලෙකට ලංකාවත් පිස්සුවෙන් හිටපු විජේ දිහා බලපු දෘෂ්ටිකෝණය ටිකක් වෙනස් වුණාට නැග්ග වේදිකාවල කියපු කතාවල ඉඳන්ම විජේ ගැන ඇහෙන හැම කතාවක් ගැනම අපිත් සෑහෙන විමසිල්ලෙන් හිටියනේ.

චිත්‍රපටිවල වගේම මහ ඇමති විජේ පළමු අත්සනින්ම වීරයෙක් වෙයි - තමිල්නාඩුවම සතුටු කඳුළු හෙලද්දි විදුලිය නොමිලේ දෙන්න නියෝගයක්

චිත්‍රපටිවල වගේම මහ ඇමති විජේ පළමු අත්සනින්ම වීරයෙක් වෙයි - තමිල්නාඩුවම සතුටු කඳුළු හෙලද්දි විදුලිය නොමිලේ දෙන්න නියෝගයක්

ඔය අතරේ දේශපාලනේ උණුසුම ටිකක් යට ගිහින් විජේගේ දික්කසාදය, ඒකට හේතුව, නිළි ත්‍රිෂා ගැනත් විවිධ කතා මතු වුණා.

හැබැයි පසුගිය දවස්වල නම් ජනතාව වැඩියෙන්ම කතා වුණේ මුළු ඉන්දියාවම පුදුම කරමින් විජේ ගත්තු දිනුම ගැන. ඒ විතරක් නෙවෙයි දිනපු විදිහටම තමිල්නාඩුවේ මහ ඇමති පුටුවේ විජේට ඉඳගන්න ලැබෙයිද කියලත් පසුගිය දවස් ටිකේම තමිල්නාඩුවේ විතරක් නෙවෙයි ලෝකෙම ජනතාව බලන් හිටියා. කොහොමින් කොහොම හරි බහුතරේ අරන් ඔන්න විජේ ඊයේ ඒ දිවුරුමත් දුන්නා.

තමිල්නාඩු දේශපාලන ඉතිහාසයේ අලුත් පිටුවක් අරඹපු මේ වෙලාවෙත් ඔන්න විජේගේ දිවුරුම් උළලෙදි වුණ සිදුවීමක් ගැන ලෝකෙම අවධානය යොමු වෙලා. ඒ තමයි මේ ඓතිහාසික උත්සවයේදී විජේටත් වඩා වැඩි අවධානයක් දිනාගත් අනිත් සුවිශේෂී රුව, දකුණු ඉන්දීය සිනමාවේ වගේම විජේගේත් සමීප මිතුරියක් බව කියන ජනප්‍රිය නිළි ත්‍රිෂා ක්‍රිෂ්ණන්.

තලපති විජේ ලංකාවට..ලොකුම ගැටලුව කච්චතිව් නෙවෙයි - සුබ පතන ගමන් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් කිව්ව තොන්ඩමන්

තලපති විජේ ලංකාවට..ලොකුම ගැටලුව කච්චතිව් නෙවෙයි - සුබ පතන ගමන් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් කිව්ව තොන්ඩමන්

ඇය ඉතාමත් සරල වගේම ආකර්ෂණීය විලාසිතාවකින් සැරසිලා දිවුරුම් දීමේ උළෙලට සහභාගී වුණේ ඇය පැමිණි මොහොතේ ඉඳන්ම ගොඩක් දෙනෙක්ගේ අවධානය ඇය වෙත යොමු වෙද්දියි.

කොහොම වුණත් විජේ සහ ත්‍රිෂා අතර ඇති සමීප සම්බන්ධතාවය ගැන විවිධ කටකතා ඇහුණත්, ත්‍රිෂා මේ විශේෂ අවස්ථාවට සහභාගී වීමෙන් ඔවුන්ගේ ඇති ලෙන්ගතුකම නැවතත් තහවුරු වුණා කියලා තමයි රසිකයෝ නම් කියන්නේ.

ඒකට ඇය උත්සවයෙන් පසුව තමන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා අපූරු ඡායාරූප කිහිපයක් සමඟ තැබූ කෙටි නමුත් ගැඹුරු සටහනත් හේතු වෙලා තියෙනවා.

මේ වෙන කොට සමාජ මාධ්‍ය පුරා ලැව්ගින්නක් වගේ පැතිරෙන ඒ සටහනේ තිබුණේ,

"The love is always louder" (ආදරය සැමවිටම ශක්තිමත්) යනුවෙන්.

දැන් ඉතින් මේ සටහන එක්ක ආයේ විජේ ත්‍රිෂාගේ මාතෘකාව කරළියට ඇවිත්. ගත්තු දිනුම, දේශපාලනයේ කරපු වෙනසත් දෙකට දාලා මේ වෙන කොට බොහෝ දෙනා කුතුහලෙන් ඉන්නේ ත්‍රිෂා තබපු මේ සටහන විජේගේ දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් කරපු සුබ පැතුමක් ද, එහෙම නැත්නම් ඔවුන්ගේ මිත්‍රත්වය ගැන තැබූ සටහනක් ද කියලයි.  

ස්ටාලින් තමිල්නාඩුව කෝටි ලක්ෂ 10ක ණය උගුලක හිර කරලා භාණ්ඩාගාරය හිස් - මහ ඇමති විජේගෙන් බරපතළ චෝදනාවක්

ස්ටාලින් තමිල්නාඩුව කෝටි ලක්ෂ 10ක ණය උගුලක හිර කරලා භාණ්ඩාගාරය හිස් - මහ ඇමති විජේගෙන් බරපතළ චෝදනාවක්

GalleryGalleryGalleryGalleryGallery