ත්‍රිකුණාමලයම සලිත වුන දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධියට වෛද්‍යවරයෙකුට හා වෛද්‍යවරියකට වැඩ වරදී

Report

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සහ එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩතහනම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇත.

ඒ අනුව පසුගිය අප්‍රෙල් 9 වැනිදා එම රෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධියකට අදාළව එම අමාත්‍යාංශය සිදුකළ මූලික විමර්ශනයට අනුවයි.

මෙම දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් එම වෛද්‍යවරු දෙදෙනාට සූතිකාගාරයට පැමිණෙන්නැයි දැනුම්දෙමින් රෝහලේ නේවාසික වෛද්‍යවරිය දුරකථන ඇමතුම් 6ක් ලබාදී තිබුණත් ඔවුන් එම අවස්ථාවේ පැමිණ නොමැති බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත .

එයාර් බස් ගනුදෙනුවේ සුලමුල සොයා ඕස්ට්‍රේලියාවට - කපිලගේ බිරිඳ සහ නිමල් පෙරේරා කොටු කරගන්න අලුත් මෙහෙයුමක්

එයාර් බස් ගනුදෙනුවේ සුලමුල සොයා ඕස්ට්‍රේලියාවට - කපිලගේ බිරිඳ සහ නිමල් පෙරේරා කොටු කරගන්න අලුත් මෙහෙයුමක්

එමෙන්ම අදාළ වෛද්‍යවරු දෙදෙනා එම අවස්ථාවේ පෞද්ගලික රෝහලක සිසේරියන් සැත්කමකට සහභාගී වී සිට ඇති බවටත් චෝදනා එල්ල වී තිබූ අතර ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකර ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ අනාවරණ වූ කරුණු මත රාජකාරි වේලාව තුළ සිය සේවය පැහැරහැර නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව පෞද්ගලික රෝහලක සේවයේ නිරතවීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළව එම වෛද්‍යවරු දෙදෙනාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමටයි මෙම සිද්ධිය පිළිබඳ විධිමත් විනය පරීක්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදුකිරීමට නියමිතයි.  

‍හැමදාම බාල්දුවෙන රුපියලට අද අත්වෙලා තියන ඉරණම - තවදුරටත් අවප්‍රමාණය වෙයි

‍හැමදාම බාල්දුවෙන රුපියලට අද අත්වෙලා තියන ඉරණම - තවදුරටත් අවප්‍රමාණය වෙයි