නෙළුම් කුලුණේ නැරඹුම් කාලය දීර්ඝ කෙරේ.

By Wayomi Sep 19, 2022 12:04 PM GMT
Wayomi

Wayomi

Report

දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුණ නරඹන්නන් සඳහා විවෘත තැබෙන කාලය පැය දෙකකින් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව හෙට (20) සිට සතියේ දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 10.00 දක්වාත් සති අන්තයේ උදෑසන 10.00 සිට උදෑසන 10.00 සිට රාත්‍රී 11.00 දක්වාත් විවෘතව තැබෙන බව නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ප්‍රවේශපත් නිකුත් කිරීම නැරඹීමේ කාලය අවසන්වීමට පැයකට පෙර නවත්වන බවත් , ඒ අනුව සතියේ දිනවල රාත්‍රී 9.00ට පෙරත්, සති අන්තයේ රාත්‍රී 10.00ට පෙරත් ප්‍රවේශපත් මිලදී ගත යුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW