පියා සහ පුතුන් දෙදෙනා ඉලක්ක කර තැබූ වෙිඩි ප්‍රහාරය ගැන තොරතුරු රැසක්...

Report

සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේදි සිදුකළ වෙිඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 53 හැවිරිදි අයෙකි.

සීදුව, ලියනගේමුල්ල වෙළබඩපාර ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩිතැබීමක් සිදුකර තිබුණේ  ඊයේ  (28) පස්වරු 5:45ට පමණය.

ත්‍රිරෝද රථ හිමි ඔයා මේ ගැන දැනුවත්ද..ඔබේ ත්‍රිරෝද රථය ගැන වැඩි අවදානයෙන් සිටින්න..

ත්‍රිරෝද රථ හිමි ඔයා මේ ගැන දැනුවත්ද..ඔබේ ත්‍රිරෝද රථය ගැන වැඩි අවදානයෙන් සිටින්න..

එහිදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනාය.

ඔවුන් බරපතළ තුවාල ලබා මීගමුව රෝහළට ඇතුළත් කර ඇති අතර මියගොස් ඇත්තේ, එම පවුලේ වැඩිමහල් පුත්‍රයාය.

වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලැබූ 73 හැවිරිදි ව්‍යාපාරිකයා මේ වනවිට මීගමුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ අනෙක් පුත්‍රයා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

වේගය පාලනය කරගත නොහැකි වූ යතුරුපැදිය නවතා තිබූ කන්ටේනර්යේ ගැටී සිදු වූ අනතුර ..

වේගය පාලනය කරගත නොහැකි වූ යතුරුපැදිය නවතා තිබූ කන්ටේනර්යේ ගැටී සිදු වූ අනතුර ..

ඔවුන් වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබූ අතර පසුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය කටුනායක කෝවින්න ප්‍රදේශයේ ආදාහනාගාරය අසල ගිනි ගැනීමකට ලක්ව තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

වෙඩික්කරුවන් T56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

You may like this video