වේගය පාලනය කරගත නොහැකි වූ යතුරුපැදිය නවතා තිබූ කන්ටේනර්යේ ගැටී සිදු වූ අනතුර ..

By Piyumika Dec 28, 2024 08:18 AM GMT
Report

හයිලිවෙල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදී යතුරු පැදියක් නවතා තිබූ බහාලුම් (කන්ටේනර්) රථයක ගැටී ඊයේ (27) රාත්‍රියේ සිදුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි

ඉතා සූක්‍ෂම අයුරින් කෙරුණු ඉන්ධන විකිණීමේ ජාවාරමක් මාට්ටු..

ඉතා සූක්‍ෂම අයුරින් කෙරුණු ඉන්ධන විකිණීමේ ජාවාරමක් මාට්ටු..

මියගිය යතුරුපැදිකරු පන්නිපිටිය දෙස සිට කොට්ටාව දෙසට යතුරුපැදියෙන් වේගයෙන් ගමන් කිරීම නිසාවෙන් යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව නවතා තිබූ බහලුම් රථයෙහි පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි සිදුකළ මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි

මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද..අවසන් ගෞරව දක්වන්න නාමල් රාජපක්ෂ ඉන්දියාවට..

මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද..අවසන් ගෞරව දක්වන්න නාමල් රාජපක්ෂ ඉන්දියාවට..

මෙලෙස මිය ගොස් ඇත්තේ පන්නිපිටිය බ්‍රාහ්මණගම ප්‍රදේශයේ පදිංචි හතලිස් පස් හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකි.

අනතුර සිදු වූ බහාලුම් රථයේ රියැදුරු සැකපිට අත්අඩංගුවට ගත් බවත් සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි

You may like this video