ඔන්ලයින් මුදල් ජාවාරමට කොටුවූ 58දෙනා ගැන තොරතුරු රැසක්..විදේශිකයන්ගේ මෙහෙයවීමක්..

Report

හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 58 දෙනා පිළිබඳව තවත් තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරුවන් අද (09) කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

රනිල්ව පරාජය කලේ ලගම හිටපු උද්දච්ච කෙනෙක්..එතුමන්ව මුණගැසීමට පවා අවස්ථාවක් දුන්නේ නෑ..කව්ද මේ ආශු කියන කෙනා..

රනිල්ව පරාජය කලේ ලගම හිටපු උද්දච්ච කෙනෙක්..එතුමන්ව මුණගැසීමට පවා අවස්ථාවක් දුන්නේ නෑ..කව්ද මේ ආශු කියන කෙනා..

හැව්ලොක් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් නීති විරෝධී අයුරුන් අන්තර්ජාලය හරහා මුදල් වංචා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.

එහිදී එම ස්ථානය වටලා සැකකරුවන් 58 දෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පොලීසිය පැවසුවේ ඔවුන් සියලුදෙනා ශ්‍රී ලාංකිකයින් බවය.

මෙරට ප්‍රහාර සැලස්මට සම්බන්ධ අයෙකු පිළිබද අනාවරණයක්..ට්‍රම්ප්ගේ නමත් සිදුවීමට ගෑවේ..

මෙරට ප්‍රහාර සැලස්මට සම්බන්ධ අයෙකු පිළිබද අනාවරණයක්..ට්‍රම්ප්ගේ නමත් සිදුවීමට ගෑවේ..

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා,

"ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය තානාපති කාර්යාලයකින් තමයි මේ පිළිබඳ පැමිණිල්ල ලැබී තිබුණේ. කොරියාවේ සිටින කොරියානු ජාතිකයෙකුගේ මුදල්... ශ්‍රී ලංකා මුදල් වටිනාකමින් ගත්තොත් රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් වංචා කර තිබෙනවා කියලා."

"ඒ අනුව ඊයේ මෙම ස්ථානය වටලනු ලැබුවා. රුපියල් ලක්ෂ 90වකට වැඩි මුදලක් මාසික කුලිය විදියට ගෙවමින් මෙම ස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා."

තත්වය දරුණු අතට .. ජනතාව වඩාත් අවදානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

තත්වය දරුණු අතට .. ජනතාව වඩාත් අවදානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

"පසුව අනාවරණය වුණා මෙය අන්තර්ජාලය ඔස්සේ මුදල් කොල්ලකන කඳවුරක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙන බව."

"මෙහි අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන කොළඹ 07 පදිංචි 52 හැවිරිදි කාන්තාවක් සහ කළමනාකරුවෙකු ලෙස කටයුතු කරන රාගම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටිනවා."

"තවත් පුද්ගලයන් මේකට සම්බන්ධ බවට තොරතුරු ලැබුණා. විදේශීය රටක විදේශිකයන්ගේ මෙහෙයවීම් මත මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු තිබෙනවා. ඔවුන්ගේ ඉලක්කය විදේශීය රටවල සිටින ජාතිකයන්."