නෑ නෑ කිව්වට මේ පැතිවලට තෙල් හිඟයක් - ඉන්ධන පිරවුම් හල් වැසෙයි

Report

අද (16) බදුල්ල නගරයේ ඉන්ධන ලබාගැනිමට රජය මගින් QR කේතය හදුන්වා දුන්නද ඉන්ධන පිරවුම් හල් දෙකක් ඉන්ධන නොමැතිව වසාදමා තිබු අතර ඉන්ධන ලබා ගැනිමට විශාල දිගු රථවාහන පෝලිමක්ද දක්නට ඇත. බදුල්ල නගරයේ හිදගොඩ ඉන්ධන පිරවුම් හල සහ පහල රජවීදිය (සුජාතා විදුහල අසල) ඉන්ධන පිරවුම්හල ඉන්ධන නොමැති ව වසාදමා ඇත.

බදුල්ල නගරයේ සමූපකාර ඉන්ධන පිරවුම් හල සහ කයිලගොඩ ඉන්ධන පිරවුම් හල් වල ඉන්ධන තිබු අතර ඉන්ධන ලබාගැනිමට අද (16) අලුයම සිට රියැදුරුත් රථවාහන රැගෙන දිගු පොලිම් දක්නට ලැබුණු බව වාර්තා වේ.

QR මගින් ඉන්ධන දීමේ අලුත් ප්‍රශ්ණයක් - වාහන ආනයනකරුවන්ගෙන් දැඩි ප්‍රකාශයක්

QR මගින් ඉන්ධන දීමේ අලුත් ප්‍රශ්ණයක් - වාහන ආනයනකරුවන්ගෙන් දැඩි ප්‍රකාශයක්

බදුල්ල නගරයේ සමූපකාර ඉන්ධන පිරවුම් හලෙන් රජයේ සංස්ථා, දෙපාර්තමේන්තු ඇතුලු රජයේ වාහන සදහා ඉන්ධන ලබා ගැනිමට ඌව පලාත් සභාව ආණ්ඩුකාරවර කාර්යාලය ඉදීරිපිට සිට ඔරලෝසු කනුව සේනානායක පිටිය ගගබඩපාර දෙසට විශාල රථවාහන පෝලිමක් තිබිණි.

මීට අමතරව QR කේතයට ඉන්ධන ලබා ගැනිමට බදුල්ල වැල්බෝධිය අසල සිට උදයරාජ මාවත , පහල වීදිය , දේවාල වීදිය ඔස්සේ සමුපකාර ඉන්ධන පිරවුම්හල තෙක් විශාල පිරිසක් රථවාහන පෝලිමේ නවතා තබා ගෙන සිටියහ.

ඉන්ධන මිල තව වැඩිවෙයිද? ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිගෙන් දැනුම්දීමක්

ඉන්ධන මිල තව වැඩිවෙයිද? ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිගෙන් දැනුම්දීමක්

මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථවලට ලංගම ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කරන බව පැවසුවත් මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ ද බදුල්ල නගරයේ ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන ලබා ගැනිමට පෝලීමේ සිය බස්‍ රථ නවතා තබා ගෙන සිටින අයුරු දක්නට ලැබිණි .

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් ඔස්සේ දිගු රථවාහන පෝලිමක් කයිලගොඩ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබාගැනිමට නවතා තබා ගෙන සිටියහ.

රාජ්‍ය සේවකයින්ට WORK FROM HOME ලැබෙයිද? රාජ්‍ය පරිපාලන ඇමතිගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවකයින්ට WORK FROM HOME ලැබෙයිද? රාජ්‍ය පරිපාලන ඇමතිගෙන් ප්‍රකාශයක්