හිටපු රාජ්‍ය ඇමති ලොහාන්ගේ ඇප ඉල්ලීම පිළිබද අද දුන් තීන්දුව..

Report

හිටපු රාජ්‍ය ඇමති ලොහාන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම ලබන 19 වනදාට නියම කිරීමට අභියාචනාධිකරණය අද (11) තීන්දු කර තිබෙනවා.

මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අදාළව හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

තුන් වන මට්ටමේ ප්‍රහසනයක් නිෂ්පාදනය කිරීමට උත්සහ දරමින් සිටි.. ආරුගම්බේ සිද්ධිය ගැන ඉරානයේ ප්‍රතිචාරය..

තුන් වන මට්ටමේ ප්‍රහසනයක් නිෂ්පාදනය කිරීමට උත්සහ දරමින් සිටි.. ආරුගම්බේ සිද්ධිය ගැන ඉරානයේ ප්‍රතිචාරය..

ඒ අනුව හිටපු රාජ්‍ය ඇමති ලොහාන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත් අධිකරණය පෙත්සම්කාර පාර්ශයට දැනුම් දුන්නා