ලොහාන් රත්වත්තේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලූ දේ

prison walikada lahan rathvaththe
By Sewvandhi Oct 05, 2021 02:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වැලිකඩ සහ අනුරාධපුර යන බන්ධනාගාරවල සිදුවු සිද්ධියට අදාළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාව ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බව එම කොමිෂන් සභාව පවසයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාරව කටයුතු කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් ගොස් ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එලෙස පරීක්ෂණ ආරම්භ කළේය.

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ ඔවුන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බන්ධනාගාර නිලධාරින් රැසකගෙන් ප්‍රකාශ ලබාගෙන තිබුණි. කෙසේවෙතත් අදාළ සිද්ධියට චෝදනා එල්ල වූ විෂය භාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වන ලොහාන් රත්වත්තේ මහතාට පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීත් ප්‍රකාශයක් ලබාදීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද ඔහු පෞද්ගලික අවශ්‍යතාවක් මත වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව ඔහු මෙම සතිය තුළදී මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අදාළ ප්‍රකාශය ලබාදීමට නියමිත බව වාර්තා වේ. රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව අදාළ සිද්ධිය පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාව ප්‍රකාශයට පත්කරන බව එහි නිලධාරියෙකු සඳහන් කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


  

ReeCha