ඉන්දියාවෙන් ලංකාවට ලැබෙන දුම්රිය එන්ජින්.

Sri Lanka India Department of Railways Railways
By Hashini Sep 21, 2023 07:00 AM GMT
Hashini

Hashini

Report

මෙරටට දුම්රිය එන්ජින් 10ක් ලබාදීමට ඉන්දියාව කැමැත්ත පළ කර තිබෙනවා.

එම දුම්රිය එන්ජින් ණය ආධාරයක් ලෙස මෙරටට ලැබෙන බවයි දුම්රිය සාමාන්‍යධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා සඳහන් කළේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඉන්දියාව බලා යාමට නියමිතව ඇත්තේ ඒවා ගෙන ඒමට පෙර, තත්ත්ව පරීක්ෂාවක් කිරීම සඳහායි.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරන්නේ එන්ජින් නොමැතිවීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවයි.

පැරණි එන්ජින් අලුත්වැඩියා කර ධාවනයට එක් කළ ද විවිධ අවස්ථාවල ඒවා කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මගීන් අපහසුතාවට පත්වන බව ඔහු සඳහන් කළා. 

ReeCha