භූකම්පනයෙන් ඇමෙරිකාවට, චීනෙට විතරක් නෙවෙයි තවත් රටවල් ගොඩකට සුනාමි අනතුරු ඇඟවීම්

Tsunami United States of America China Sinhala news Breaking News
By Kaushi Jul 30, 2025 05:55 AM GMT
Kaushi

Kaushi

Report

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය නිසා අමෙරිකාවට අයත් හවායි දූපත් සහ ඇලෙස්කා කලාපවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සමස්ත හවායි දිවයිනටම සුනාමි බලපෑම් එල්ලවීමේ අවදානම නිසා වෙරළාසන්න කලාප මඟහැර ජනතාව උස් බිම් වෙත යොමු කර ඇත.

සුනාමියෙන් ඉන්දියානු සාගරයට මොකද වෙන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටටම දැනුම් දීමක්

සුනාමියෙන් ඉන්දියානු සාගරයට මොකද වෙන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටටම දැනුම් දීමක්

එසේම චීනයට, පේරු රාජ්‍යයට සහ ඉක්වදෝරයට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.

එසේම බටහිර අමෙරිකානු වෙරළතීරයට වගේම අමෙරිකාවට අයත් ගුවාම් සහ මයික්‍රොනීසියාවෙ හි ඇතැම් දූපත්වලට ද සුනාමි බලපෑම් එල්ලවනු ඇති බවට බලාපොරොත්තු වන බව සඳහන්.

මේ අතර රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ රික්ටර් මාපකයේ ඒකක 8.8ක ප්‍රබලත්වයෙන් යුතු කම්චැට්කා භූකම්පනය මේ වන විට බලපෑ ලොව හයවැනියට ප්‍රබලතම භූකම්පනය ලෙසය ඉතිහාසයට එක්වන බව සඳහන්.

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි

තවද භූකම්පනය නිසා කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමි රළක් ද ඇතිව තිබෙනවා.

එසේම ජපානයට බලපෑ සුනාමි තත්ත්වය නිසා ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට මෙතෙක් කිසිදු බලපෑමක් සිදුව නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඊට අමතරව බලාගාරයේ අධීක්ෂණ කටයුතු සිදුකරන එරට රජයට අයත් ටෝකියෝ විදුලිබල සමාගම හෙවත් ටෙප්පෝ සමාගම සියලු කාර්ය මණ්ඩලය මේ වනවිට ඉන් ඉවත්කර ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

මාස 9කින් EPF නෑ - සජිත්

මාස 9කින් EPF නෑ - සජිත්

බලාගාරය තුළ ද කිසිදු අසාමාන්‍ය තත්ත්වයක් නැති බව ඔවුන් පවසයි.

2011 වසරේ ඇති වූ භූමිකම්පාව නිසාවෙන් ඇති වූ සුනාමි තත්ත්වය නිසා ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට දැඩි බලපෑම් එල්ල වී තිබුණා.

කෙසේ වෙතත් ජපාන මාධ්‍ය වාර්තා කරන්නේ ටෝකියෝවට උතුරින් පිහිටි ෆැසිපික් වෙරළ තීරයේ සෙන්ඩායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ධාවනය පථය වසා දැමීමට තීරණය කිරීමත් සමග ප්‍රවාහන කටයුතු අඬාල වෙමින් පවතින බව‍යි.

රෝහිතගේ දුවම ගිහින් පොලීසියට භාරවෙලා

රෝහිතගේ දුවම ගිහින් පොලීසියට භාරවෙලා

රුසියාවට අධික බලයෙන් යුත් අඩි 13ක් උස සුනාමි රළ කඩා වදී

රුසියාවට අධික බලයෙන් යුත් අඩි 13ක් උස සුනාමි රළ කඩා වදී

ReeCha