හදිසියේ පැනවූ සංචරන සීමාවක් ඉවත් කරයි..හෙට සිට සාමාන්‍ය පරිදි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Aruna Aug 07, 2023 04:53 AM GMT
Aruna

Aruna

Report

වසංගත රෝගී තත්ත්වයක් හේතුවෙන් වව්නියා බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

බන්ධනාගාරය තුළ සිටි එක් රැඳවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැලදීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා වු ක්ෂණික පූර්වාරක්ෂක පියවරක් ලෙස එම පරිශ්‍රය තුළ සංචරණ සීමා පැනවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පසුගියදා පියවර ගනු ලැබුවා.

වව්නියා ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් තහවුරු කර ඇත්තේ, පසුගිය මස 25 වනදා සිට සති දෙකක කාලයක් පනවා තිබූ සංචරන සීමා අද (07) දිනයෙන් අවසන් වීමට නියමිතව ඇති බැවින් ඊට සුදුසු තත්ත්වයක් බන්ධනාගාරය තුළ පවතින බවයි.

ඒ අනුව හෙට (08) සිට සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සිදුකරන ලෙස ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් වව්නියා බන්ධනාගාර නිලධාරීන් වෙත දැනුවත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මෙරට බන්ධනාගාර වෙත ආහාර හා ඖෂධ සැපයීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා හේතුවෙන් රැඳවියන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබේ.

ReeCha